IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලන්කන්  ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන්  යානය සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට  දහවල් 1.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන්  සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි.



අදහස් (9)

සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට

rama Thursday, 25 June 2020 07:53 AM

මැදපෙරදිග කට්ටිය ගෙනියන්නේ මැරුණාට පස්සේද?

:       1       222

Sachin Thursday, 25 June 2020 09:27 AM

රට විරුවන්ට වෙච්චි දෙයක්..

:       1       195

de silva Thursday, 25 June 2020 09:37 AM

කොඩි අරගෙන ගෝඨාභය මහත්මයාට ඡන්දේ දීලා රට බේරාගන්න කියලා අතින් ටිකට් අරන් ආපු... රටවිරුවෝ අද නන්නත්තාර වෙලා. එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකාවේ ඉන්න ලොකු මිනිස්සු අද ඉස්මතුවෙලා... රට වෙනුවෙන් යුද්ධ කරපු ෆොන්සේකා වැනි රටවිරුවන්ට වචනයක් වැරදුණොත් හිරේ දමන, ඇමෙරිකාවේ ජාතිවාදයට විරුද්ධව නිහඬ උද්ඝෝෂණ කරන්න යන මිනිස්සුන්ට ගුටි සමග නඩු, සෙබලු අච්චර, මෙච්චර මැරුවා කියලා පාරම්බාන කරුණාලා නිදහසේ... අවමංගල උත්සව සමරන තොණ්ඩමන්ලා කොරෝනා නීති කඩන්නේ පොලිසිය ඉස්සරහ පිට, ආණ්ඩුවට දැන් මෙන්ටල්... ආණ්ඩුව හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු බයියන් කියලා...

:       22       574

Ajantha Thursday, 25 June 2020 02:41 PM

පාර්ලිමේන්තු බලය එජාපයටයි. ප්‍රමුඛ විපක්ෂයට දෙමු. රට හදලා ගනියි ඇට්ටි හැලෙන්න. අනේද කියන්නේ...

:       1       0

PereraThursday, 25 June 2020 06:58 PM

ලංකාවේ වැඩිදෙනා ඔහොම තමයි... ඒකනේ රට වලපල්ලට ගිහින් තියෙන්නේ...

:       0       1

ගාමිණි කුවෙයිට් සිට. Thursday, 25 June 2020 11:10 AM

විශේෂයෙන් කුවේට් වලින් ආරංචි වන්නේ ඉතාමත් කණගාටුදායක ප්‍රවෘත්ති බව දන්වන්නේ ඉතාමත් කණගාටුවෙනි. මහින්දානන්ද ඇමතිතුමා බෝම්බ ප්‍රකාශයෙන් පසුව කිසිම ශ්‍රී ලාංකිකයෙක් ගෙන්වාගැනීමට අපොහොසත් විය. බෝම්බ කතාවට අදාල මගීන් රැගෙන ආවේද? කුවේට් රජයේ වියදමින් හා ඔවුන්ට අයත් යානා දෙකකින්... මම දන්නා පරිදි මාර්තු සිට අද දක්වා කිසිම ශ්‍රීලන්කන් ගුවන් යානාවක් කුවෙයිට්වලට පැමිණියේ නැත. ඒ අතර රජය මැදපෙරදිග, කොරියාව ඇතුළු රටවල නව රැකියා අවස්ථා පිළිබඳව සොයාබැලීමට පටන්ගැනීම විහිළුවට කරුණකි.

:       0       3

Pathirana Thursday, 25 June 2020 12:44 PM

මැදපෙරදිග අපි ගෙදර යන්නේ කවදාද?

:       0       2

sirimal Thursday, 25 June 2020 06:30 PM

අර බැංකුවේ කට්ටියත් ආපහු ආවාද? පසුගිය අවුරුදු 5 වහලා වගේ තිබුණු එකනේ ... දැන්නේ බැංකුවෙන් වැඩගන්න හොඳම වෙලාව...

:       0       1

jabos Friday, 26 June 2020 05:32 AM

ඔක්කෝම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය වෙන්නැති, ඔතන ලංකා බැංකුවකුත් තිබුණා නොවේද? ආයෝජකයින් ඉන්න පක්ෂ විපක්ෂ ලංකාවේ බලවතුන්ලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site