
(රංජන් කස්තුරි)
කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද දහවල් උද්ඝෝණයක නිරත වූහ.
කොළඹ ජාතික රෝහල, ළමා රෝහළ, සහ දිවයින පුරා රෝහල් ඉදිරිපිට එම උද්ඝෝෂණය නිතර වූ අතර මෙතෙක් ගෙවූ රුපියල් 7500 ක කෝවිඩ් මාසික දීමනාව ලබා දෙන ලෙස ද එහිදී උද්ඝෝෂණයේ නිරත වූහ.
ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ද එහිදී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
ජාතික රෝහල ඉදිරිපිට
(ඡායාරුපය: ශාන්ත රත්නායක)






කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිට
(දිලංගා ගෝමස්)

නාවලපිටිය දිස්ත්‍රික් මහ රොහල
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

බදුල්ල මහ රෝහල ඉදිරිපිට
(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

බළංගොඩ මූලික රෝහල ඉදිරිපිට
(සමිපත් ප්‍රියනන්දන)

COMMENTS
මධ්‍යස්තව සිතීමට හැකි ඕනෑම කෙනෙකුට පෝස්ටර්වල තිබෙන අකුරු වල හැඩතල හොදින් නිරීක්ෂණය කිරීමේදී මෙහි පිටුපස සිටින්නේ කව්රුන්ද යන්න හොදින් පැහැදිලි වෙනවා නිසැකය.
රජය වෘත්තීය සමිතිවලට ඉඩ දුන්නා හොඳටම ඇති. මහජනයාට මේක පීඩාවක්... මොන ක්‍රමයකින් හො මොවුන්ගේ ක්‍රියාකාරකම් නතර කළ යුතුයි.
මේ පිටිපස්සෙ කවුරු උන්නත් අපිට වැඩක් නැහැ.මේ අය පහුගිය කාලපුරාවටම කොරෝනා වසන්ගතයත් එක්ක කටයුතු කරපු හැටි රටම නොදන්නවා නෙවෙයි. මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන,පුටු රත්කර වැටුප් ලබන අයට වඩා හොඳ සේවයක් මේ අය කරනවා.