IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් එයි

(තිළිණි ද සිල්වා)


ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙරටට පැමිණෙන බව ස්විස් විදේශ දෙපාර්තමේන්තුව අද (20) සදහන් කළේය.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා ඉදිරි දින කිහිපය ඇතුලත දිවයිනට එවීමිට කටයුතු කරන බවද  ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
 
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දුරකථන සංවාදයක් ඉකුත් 18 වැනිදා  පවත්වනු ලැබීය.



අදහස් (7)

ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙක් එයි

Raveendra Friday, 20 December 2019 08:10 AM

"මෙලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට " යන වැකියෙහි අර්ථය කුමක්ද යන්න නොදන්නා බැවින් කිසිවෙකු දන්නේ නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       52       107

රවින් Friday, 20 December 2019 08:22 AM

ආං හොඳයි. නාට්‍යයේ මුල සිටම පැහැදිලි ලෙස පෙන්නන්න. මාර්තුවේ එළි දක්වන්න හදන නාඩගමේ පෙරහුරුවත් එතකොට පැහැදිලිව දකින්න පුළුවන් වේවි. තවත් හොඳයි අර ඇම කන අයවත් ගන්නලා පෙන්නන්න පුළුවන් නම්...

:       1       46

sudeshFriday, 20 December 2019 09:16 AM

ඔය එන එක්කෙනා මෙහෙ හිටියේ රජපක්ෂලාගේ භීෂණ කාලයේ. එයා දන්නවා රාජපක්ෂලා උස්සපු කට්ටිය ගැන...

:       310       255

Adam Friday, 20 December 2019 10:05 AM

ඔය එන කෙනා කවුරු වුණත් අපිට මොකෝ? ඇවිල්ලා අපිට අහවල් එක කරන්න වෙන්න ඇති... නායකයා නියම පිරිමියෙක් කියලා දැන ගත්තම ආව වගේම ඉක්මනටම පල්ලම් බහීවි...

:       6       107

ravinFriday, 20 December 2019 01:08 PM

ඕනෑවට වැඩිය කියවන්න එපා. ඔය එන පොර සල්ලි වියදම් කරලා ඔය කාන්තාව රිමාන්ඩ් එකේ ඉන්නකොට වසක් විසක් දීලා මරා දැම්මොත් අනිවාර්යයෙන්ම ඇඟිල්ල දික්වන්නේ ආණ්ඩුවටයි. එහෙම වුණොත් ...ඔය අයියලාට උදේ රෑ විතරක් නොවෙයි... මහ දවලුත් පැම්පර් අන්දන්නයි වෙන්නේ.

:       0       0

Mahee Friday, 20 December 2019 10:11 AM

පළපුරුදු කාරයෙක් පැහැදිලි කරන්න එනවා කියන්නේ දැන් ඉන්න හාදයා වැඩේ අනාගෙන කියන එකද...?

:       1       0

Bamunuarachchi Sunday, 22 December 2019 02:34 AM

මෙම ස්ත්‍රිය ලංකා පුරවැසියෙක්... මෙයාට බලපාන්නේ මෙරට නීතිය. මෙය ගැන ස්විස් ආණ්ඩුවට තිබෙන කැක්කුම මොකක්ද? මෙයා මේ නාට්‍ය හැදුවේ ස්විස් රජයට වුවමාවටද කියලා හුදී ජනයාට හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site