(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත..
ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)


COMMENTS
මෙය සිදුවිය යුතුව තිබූ දෙයක්. තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් සියලුම පුරවැසියන්ගේ යුතුකම රටට කුමන හෝ ආකාරයකින් ද්‍රෝහී නොවී සිටීමයි. පෞද්ගලික මුදල් හෝ වෙනත් ප්රතිලාභයන් වෙනුවෙන් උපන් බිමට විනකරන අයට ස්වභාවධර්මය දඬුවම් ලබා දෙනවා. මෙහි වැරදිකරු මැය පමණක් නොවෙයි. මැයට අනුබල දුන් දේශපාලන හස්තයත් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. පටු දේශපාලන වාසි වෙනුවෙන් රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කරන කාලකන්නි දේශපාලනය රටින් ඉවත් කළ යුතුයි.
අනේ සාදු කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු. එක අතකින් බයවෙන්න දේකුත් නැහැ. දොස්තර රාජිත ඇවිත් සාක්ෂි දීලා බේරාගනිවි. ඇයි ඉතින් කටට පිස්තෝලේ දානවා රාජිත දකින්න ඇතිනේ... එදා මාධ්‍ය හමුවේදී කියපුවා ඉතින් උසාවියට ගිහිල්ලත් කියන්න බැරිවෙන්න විදියක් නැහැනේ.
ඉල්ලන් කනවා කියන්නේ මේකට තමයි..
නුඹලා අපේ පොලිසිය අවතක්සේරු කළා නේද? දැන් කාලා වරෙන්කෝ. තානපතිත් ගෙදර යාවි...
නියමයි හොඳ වැඩේ...
මෙය නීතිවිරෝධි වන අතර රටවල් අතර විශාල ජාත්‍යන්තර අර්බුදයකට හේතුවනු ඇත. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා.
ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාගන්නට කරන ලද උත්සාහයක්... දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. කුම්බලා මාළු කෑවා නම් දුක විඳවපන් බළලෝ....කිව්වලු...
ආ මෙයාගේ කොටහළු මගුල ඉවරද?
අපට කමක් නැහැ ඕන කෙනෙක් ස්විස් ගියාට. රටේ නම කාලා යන එකට ඉඩ බැහැ. මේක අල්ලාගෙන අපට මඩ ගහන්න සමහර රටවල් බලාගෙන ඉඳියි. නමුත් සත්‍යය හෙළිකරලා ඒ චෝදනාවල බොරුව පෙන්වාදෙන්න රජයට අමාරුයි කියා මම නම් හිතන්නේ නැහැ.
රටක අලුත් ආණ්ඩුවක් ලෝකයා ඉදිරියේ හිතාමතා අපකීර්තියට පත් කිරීම ඉතාලිය වැනි යුරෝපීය රටවල නම් දැඩි දඬුවම් විඳින වරදක් සහ මාධ්‍ය මඟින් ඔවුන්ව ඉතා පහත් ලෙස හංවඩු ගසනු ලබයි.
පුදුම විය යුතුද? නැත. පුදුමය නම් රටට සහ හමුදාවට එරෙහි අභූත චෝදනා පිළිගත් සහ රට ත්‍රස්තවාදයෙන් බේරාගත්තු අපේ රණවිරුවන්ට දඬුවම් පැමිණවිය යුතු යයි යෝජනා ඇතුලත් 2015 ජිනීවා ගිවිසුම මගින් රට පාවා දුන් අය තවමත් නිදැල්ලේ සිටීමය.
දැඩි දඬුවම් දිය යුතුයි.
අයියෝ සමන්ත යුක්තිය තියෙන ප්‍රියන්ත මහතාට දඩ නියම කරන්න පුලුවන් නම් මුක්තියක් නැති මෙයාව අත්අඩංගුවට ගන්න බැරි ඇයි?
ස්විස් එම්බසි එක අපි වගේ නැට්ටන්ට සෙකන්ඩ් වෙන්නේ නැහැ. දැනටමත් ඒ අය මේ කාන්තාව ස්විස් පුරවැසියෙක් බව පෙන්වන පාස්පෝර්ට්, හැඳුනුම් පත් සියල්ල හදලා ඇති.
සනීපෙට සුවිස් යන්න පුළුවන් නේද? මුළු රටටම ශාපයක් වෙන අය සදාකාලික හිරේ දාන්න ඕනෑ..
හොඳ වැඩේ. දැන් ඉතින් කාපන්...
ජවිපෙ එජාපෙ ලොක්කෝ ටික මේ සිද්ධියේ මුලදී ආණ්ඩුව පතුරු ගැහුව්වා. ලොකුවට නිවේදනත් නිකුත් කළා. පස්සේ වැඩේ දෙල් වෙනකොට පැත්තකට වෙලා කට පියාගෙන හිටියා. නමුත් ස්විස් එම්බසියට නීතිමය කටයුතුවලට උදව් කරන්න කියලා නිවේදනයක් දෙන්න තරම්වත් මේ අය ඉදිරිපත් වුනේ නැහැ. කුහකකමේ උපරිමයටම ගියා..
බටහිර තානාපති කාර්යාලයක නේ වැඩ කළේ. මෙයාව ස්ත්‍රී චිකිත්සකවරයෙකු gynecologist ලඟට ගෙනිච්චෝත් හොඳයි.
කොන්ද පණ තියෙන නායකයෙක්... ඒ වගේම ආණ්ඩුවක් දැන් තියෙන්නේ එකඑක රටවලට ඕනේ විදියට නටපු කාලේ දැන් අවසන්... කෙලින් බය නැතිව කරන්න ඕනෑ දේ හරියට කරනකොට ඔය කවුරුවත් කට අරින්නේ නැහැ. අපි කාගෙවත් වහල්ලු නොවන බව දැන්වත් දැන ගනීවි...
වැරදි කරලා රට කෑවා... හොර, තක්කඩි ඔක්කොම අල්ලලා කූද්දලා මේ ඔක්කොම පණ තියන තුරු හිරේ දාන්න ඕනෑ.
සුද්දට ලජ්ජා නැහැ... මෙයාලා ඔක්කොම දාන්න ඕනෑ.
වහාම මැයගේ කතාව හා නොගැලපෙන තැන පිළිබඳව කෙලින්ම සුවිස් විදේශ ඇමති හා අමාත්‍යංශය දැනුවත් කරන්න. තවද නිසි විමසීමක් නොකර රජයක් අව තක්සේරුකර මිතුරු රාජ්‍යයක් කෙරෙහි ද්වේශ සහගත ලෙසට කරුණු ඉදිරිපත් කිරීමෙන් රටවල් අතර බේධ භින්න ඇති කිරීමට කටයුතු කළ සියලු සුවිස් තානාපති නිලධාරීන් පිළිබඳ විරෝධය සුවිස් රජය වෙත දන්වන්න.
මෙම සිදුවීමේදී රාජ්‍ය බලය යොදා ගනිමින්, තමන්ට අවශ්‍ය පරිදි රහස් පොලිසියට පත් කළ හෙන්චයියන්ගේ උදව්වෙන් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම උදෙසා මෙම තැනැත්තිය කරන්නේ බොරුවක් යයි ලොවට පැවසීමට කරන ලද මෙම නින්දිත ප්රයත්නය හෙලාදකිමු. ජාත්‍යන්තරය තුළ තමන්ට ඇති යුද අපරාධ චෝදනා යට ගැසීමට සහ ඇති බය නිසා අපේ රට ජාත්‍යන්තරය තුළ හෑල්ලුවීමට මෙවැනි ගොබ්බ වැඩ හේතුවනු ඇත. මෙම නිලධාරිනිය පසුව නිදොස් කොට නිදහස් කිරීමට සිදුවෙනවා ඇත. යුරෝපිය තානාපති ප්‍රජාව මෙහිදී නිහඬව නොසිතී යයි සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි පාහර වැඩ දැඩි ලෙස හෙළා දැකිය යුතුය. සාධාරණය ඉෂ්ට කිරීම යනු අපරාධ යට ගැසීම නොවේ. විවිධ චෝදනා ඇති චූදිතයන් මහත්වරු සේ මිනිසුන් තලා පෙලා රට කරති. රැල්ල අනික් පසින් නැගෙන විට දුවන්නට පාර මදි වනු ඇත.
අර මොකද්ද වෙනවා කියන්නේ මේ වෙලාවට තමයි.. ජයවේවා ලංකා මාතාවට සහ පිට කොන්දක් ඇති ආණ්ඩුවට සහ රාජ්‍ය නිලධාරීන්ට...
අයියෝ පරාජිත!
ඉතුරු හරිය රිමාන්ඩ් එකේදී හම්බ වේවි..!!!
නියමයි.
මේ කූඨ උපායට ස්විස් තානාපති සම්බන්ධ නම් ඔහුගේ තානාපති වරප්‍රසාද ජාත්‍යන්තර නීතියේ persona non grata ක්‍රමවේදයට හෝසි කරලා අත් අඩංගුවට ගත හැකිය.
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා
පැමිණිලිකාරයා හිරේ යන යුගයක් මේක.
ස්විස් තානාපති කාර්යාලයේ බොහොමයක් මෙයට සම්බන්ධ ඇති. ඒ නිසා තම ඔක්කොම එකතුවෙලා තානාපති කාර්යාලය පිරිසිදු කරන නිලධාරී තුමිය රෙද්දකින් වහ ගෙන යන්නේ. නැත්නම් එයා බොරු නොකිව්වනම් බය නැතිව මූන එළියේ දමාගෙන ගෙන යන්න තිබුනනේ
දැන් දැන් මේ ස්විස් සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා.
බොරුකාරයන් එළිවෙන යුගයක්.
,නව රජය පත් වෙලා සතියක් යන්නත් කලින් මේ කාන්තාව කුමන්ත්‍රණයක් කරයිද....විශේෂයෙන් ගෝටා මහතා වගේ කෙනෙක් බලයට ආවම එහෙම කුමන්ත්‍රණයක් කරයිද ....ඕනිම කෙනෙක් බයයි එහෙම කරන්න ....අනේ මන්දා නිකන් නාට්‍යයක් බැලුවා වගේ මේ සිද්ධිය ...
මෙම කාරණය ගැන අදහස් පුවත්පත් වල පලකෙරේම නිසා රජයට අවශ්‍ය වෙනවා. සැකයේ වාසිය විතිකාරියටය. නඩුව උසාවියට බාරදී කතා නොකර සෙවීම නුවනට හුරුය .