(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් ගෙන ගිය ප්‍රචණ්ඩත්වයම එම ජනතාවට අවි එසවීමට හේතු වූ බවත් කොටි සංවිධානය පමණක් නොව ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියළු දෙනා රජයේ ඉලක්ක බවට පත්වූ බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මානව හිමිකම් කවුන්සිල පරිශ්‍රයේ පැවති උප කමිටු රැස්වීම්කට එක්වෙමින් පොන්නම්බලම් මහතා මේ බව කියා සිටියේය.
එක් ජන කොට්ඨාසයකට තම ස්වයං අයිතිය විදීමට ඉල්ලීම වෙනුවෙන් කුමන හෝ නීතිමය පියවරකට යා හැකි බව වියට්නාම ප්‍රකාශනයෙන් පැහැදිලිව සඳහන් කරල තියෙනවා.
ශ්‍රීලංකා රජයේ දෙමළ ජන සංහාරයට ලක්වෙලා තවමත් දෙමළ ජනතාව ජාතියක් විදිහට තම ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කරමින් සිටිනවා.එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් නොව දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කළ ඊට සහාය වූ තනි පුද්ගලයින් පවා ශ්‍රීලංකා රජයේ ඉලක්ක බවට පත් වුනා.ඔවුන් අතින් බොහෝ සංවිධාන,පුද්ගලයින් මෙන්ම වෘත්තිය ජනමාධ්‍යවේදීන් පවා බොහෝ ලෙස හිංසාවට පීඩාවට පත්වුනා.
යුද්ධය පැවති කාලයේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 48 දෙනා අතරින් 41 දෙනෙකුම දමිළ ජනමාධ්‍යවේදීන්.දමිළ ජාතිකයින් නොවන සෙසු මාධ්‍යවේදීන් 07දෙනාම දෙමළ ජනතාවට එරෙහිව රජය ගෙනගිය අරගලයේ රජයේ අසාධාරණකම් අයුක්තීන් හෙලිකළ මාධ්‍යවේදීන් වෙනවා.
තමිල්තන්ති පුවත්පත ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කළ කොටි සාමාජිකයෙකුගේ ජීවිකාව ගැන ලිපියක් පලකර හේතුව උඩ එම මාධ්‍ය ආයතනයට ත්‍රස්ත මර්ධන ඒකකය යොදවා තර්ජනය කරල නීතිමය පියවර අරගෙන තිබුනා.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරනව කියල මේ ජිනීවා කවුන්සිලය ඉදිරියේදීම ශ්‍රීලංකා රජය පොරොන්දු වුනත් පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය මෙලෙස කටයුතු කර තිබෙනවා.දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය ස්වයං වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටිය යුතුයි.නැතිනම් ස්වයං අයිතිය වෙනුවෙන් අරගල කරන දෙමළ ජනතාව තවදුරටත් රජයේ ඉලක්ක බවට පත් වේවි යැයිද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පුරවැසි සියළු ජනතාවට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු අතර ත්‍රස්තවාදීන්ට කිසිම සමාවක් හෝ අයිතිවාසිකමක් නොදිය යුතුයි.. කට වසාගෙන එක රටක ජීවත්වීමට නොහැකි අය තමන්ගේ පරම්පරාවට අයිති රටට ගියොත් හොඳයි...
මොනවාද දෙමළ ජනතාවගේ ස්වයං අයිතිය? අමිර්දලිංගම්, යෝගේස්වරන්, ධර්මලිංගම්, ආලාලුසුන්දරම්, තිරුච්චේල්වම්, තම්බිමුත්තු, තංගතුරේ, සරෝජිනී යන දෙමළ ජන නායකයන්ව ඝාතනය කළේ කවුද? ඔහොම ලැයිස්තුව දිගුවේවි...!!!
මානව හිමිකම් කවුන්සිලයේ අයට වෙන වැඩ නැහැ. සිවජලිංගම්ලගේ, ගජේන්ද් රකුමාර්ලගේ කතා අහහ ඉන්න. මානව හිමිකම් කවුන්සිලයේ අයටත් කතන්දර තියෙන තරමට ඒගොල්න්න්ගේ රස්සාව තියෙන හින්ද මේ කතන්දර කවදාවත් ඉවර වෙන දේවල් නෙවේ. ලංකාවේ කිර්තිය නැතිවෙන දේවල් බාහිරයට යන එක නැති කරන්න ඕනේ. "ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව මානව හිමිකම් කවුන්සිල පරිශ්‍රයේ පැවති උප කමිටු රැස්වීම්ක්" මේක හරියට නිකම් ඉස්සර රජයේ කාර්යාලයක වැඩක් කර ගන්න ගියාම ඒ අවට ඉන්න තැරව්කරුවන් වගේද කියලත් හිතෙනවා. මට හිතෙන විදියට හැමෝම නොවේ දමිල මිනිස්සු හැමදාම මොකක් හරි හිලක් හොයනවා රිංගල යන්න. ජනාධිපති කියන්න වගේ මේව එන්නේ උතුරේ තියෙන කුල වාදයත් එක්කද?
නුඹලාගේ ජනගහනය කොපමණද? රටේ ජනතාවගෙන් 10% නුඹලා ඉල්ලන භූමි ප්‍රමාණය කොපමණද? රටින් 2/5 වර්ග කි මි 26244 යි නුඹලාගේ ජනගහනය 24650319 යි. නුඹලාට ස්වයං අයිතියක් දුන්නොත් එක දෙමලෙකුට මේ රටින් වර්ග මීටර් 1064 ලැබෙන්නේය. අපිට ශ්‍රී ලාංකික වෙන්න කියන මේ සිංහල කියා ගන්න නායකයින් දෙමළුන්ට ස්වයං පාලනයක් දීමට පිඹුරුපත් සකස් කර අවසානය. එය ක්‍රීයාත්මක කර ගැනීමට නොහැකිව තිබෙන්නේ 2/3 ඡන්දය නොමැති නිසාය. කෙසේවෙතත් එය ඉටුකර ගත හැක්කේ සිංහලයාගේ මළගම උඩින්ය. නුඹලාට ස්වයං පාලනයක් දීමට කැමති සිංහලයින් සිටිනු ඇත. ඔවුන් කව්ද කියා මෙතන දී බලා ගත හැක.
කැමති ආගමක් ඇදහීමට, කැමති ආහාර අනුභවයට වැනි දේවලට අප සැමටම ස්වයං අයිතියක් ඇත. නමුත් ත්‍රස්තවාදීන්ට ස්වයං අයිතියක් තබා ස්වයං කිසිවක් හිමි නොවිය යුතුයි.
ස්වයං අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවුන් සිංහලයින්ගේ ඉලක්ක වුනා කීවානම් වඩාත් නිවැරදිය. අනාගතයේත් එය ඒ ලෙසම ඉටුවනු ඇත.
අපට මතක ඇති කාලයේ සිංහල දෙමල ජනතාව සහයෝගයෙන් ජීවත් වුනා. වෙනම රටක අවශ්‍යතාවක් ඔවුන්ට තිබුනේ නැහැ. කුලවත් වැදගත් දෙමළ ජනයා අදටත්, මේ කොටින්ට කැමති නැහැ. ඒත්, කොටි මස් වැද්දන්ට බියේ ඔවුන් අකමැත්තෙන් හෝ උදව් කලේ පරාණ බියටයි. හරි වැරැද්ද නොදත් දෙමළ කොල්ලන් රැලක් මෙසේ අරගල කලාට වැදගත් දෙමළ ජනයා සිංහලයා අමතන්නේ සාමී කියාය. සිංහල දෙමළ සමගිය බිඳ ජාතිවාදය අවුස්සා තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට වෙර දරන සමහර දෙමළ අන්තවාදී දේශපාලකයන් ගැන සිංහල හා දෙමළ ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුය. මන්ද යත්, ජාතිවාදය හා වෙනම රාජ්‍ය සංකල්පය ඔවුන්ගේ පැවැත්ම සඳහාය. එය හිඟන්නාට තුවාලය මෙනි. තුවාලය සුව වුවහොත්, හිඟන්නාගේ පැවැත්මක් නැත. එනිසා තුවාලය ඔවුනට අත්‍යවශ්‍යය. කලයුතු වන්නේ කෙසේ හෝ මේ තුවාලය සුව කිරීමය.
බමුණෝ, පළමු වැනි දුටු ගැමුණු කෙනෙක් ගැන කතා කරන්නේ, දෙවෙනි දුටුගැමුණු කෙනෙකුත් හිටියද?