IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ස්වාධීන අධිකරණය රැකගැනීමට අපි කැපවෙනවා

(නිමල කොඩිතුවක්කු)


දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් විකෘති පළිගැනීමේ චේතනාවක් සමාජයට පෙන්නුම් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.


ස්වාධීන අධිකරණය ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැප වෙන බවද ජයසූරිය මහතා සඳහන් කළේය.


දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සාකච්ඡා සභාවකට කොළඹ ජානකී හෝටලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කීවේය.


"ජාතික යුතුකමක් වශයෙන් මෙම සාකච්ඡා සභාව අප සංවිධානය කළේ ලෝකයේ කිසිම රටක නොවුණු ආකාරයට උත්තරීතර අධිකරණයට හානිවන ආකාරයට නිකුත් කර ඇති දේශපාලන පලිගැනීම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ගැන රට දැණුවත් විය යුතු  නිසයි.
අද මෙම සම්මන්ත්‍රණයට අධිකරණ ක්ෂේත්‍රයේ වියතුන් ඇතුළු සමාජයේ ප්‍රභු පුද්ගලයින් පැමිණ සිටීම අධිකරණය රැකගැනීමට රටට ලැබෙන ශක්තියක්.


මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේදී අප යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමට හෝ ජනාධිපතිවරයා හෝ රජය අපහසුතාවයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙම වාර්තාව නොනිල වශයෙන් පිට වුණාට පසුව ඒ ගැන විශාල ආන්දෝලනයක් දේශීයව හා විදේශියව ඇති වුණා. සමහරුන්ට මෙය තේරුම් ගැනීමට අපහසු වුණා.


බොහෝ දෙනෙකු එය දුටුවේ රජයේ පලිගනීමේ උත්සාහයක් ලෙසින්. මේ ගැන ලෝකයේ විද්වතුන්ගේ මතය වූයේ මෙම කොමිසම පත්කිරීම නීතිවිරෝධී මෙන්ම එම නිර්දේශ සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බවයි. ස්වාධීන අධිකරණ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ප්‍රවිණ නීතිවේදීන් මෙය සමච්චලයට ද ලක් කළ අවස්ථා අප අසා තිබෙනවා.


පසුගිය රජය දූෂණ විරෝධී ක්‍රියාදාමය ආරම්භ කළේ එකළ ජනපති, අගමැති, ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව. ඒ සඳහා නිලධාරීන් පත් කළේ නීත්‍යානුකූලව. එමෙන්ම නඩු ගොණු කළේ එකල සිටි නීතිපතිවරයාගේ නිර්දේශ අනුව.
එසේනම්, තෝරාගත් හිටපු මැති ඇමතිකම් දැරූ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුනට හා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමටත්, හිටපු නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම වෙනුවෙන් අදාල පොලිස් හා නීති නිලධාරීන්ට නඩු පැවරීම තුළ සමාජය දකින්නේ විකෘති පළිගැනීමේ චේතනාවක්.


අපට පේන ආකාරයට සමාජයේ දැඩි විරෝධයක් මෙම කොම්සම් වාර්තාව ගැන ඇතිවෙමින් තිබෙනවා. මහා සංඝරත්නය, අනෙක් ආගමික නායකයින් මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයින් ඉදිරියේ දී මෙම වාර්තාවට එදිරිව ක්‍රියා කරනු ලබන වාර්තා අප දුටුවා.


රටට ආදරය කරන, යුක්තිය සාධාරණය රජයන ස්වාධීන අධිකරණය බලපැවැත්වෙන රටක මිහිදන් වීමට පතන සෑම කෙනෙකුගේම විරෝධය ඉදිරියේදී දකින්නට පුළුවන් වේවි.
මේ සියල්ලන්ටම වඩා දැනට අප මව්බිමට එරෙහිව විවිධ චෝදනා නැගෙමින් තිබේ. අන්තර්ජාතික ප්‍රජාවගේ ද විවිධ කරුණු වෙනුවෙන් විරෝධය ගොඩ නැගී ඇත.


බුද්ධිමත්ව ඉවසීමෙන් ක්‍රියා නොකළහොත්, රට ඉතා විශාල අගාධයකට පත්විය හැක. මෙම අභියෝග මැද තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගතහොත්, එයින් පීඩා විඳින්නේ දැනටමත් අසරණව සිටින අපගේ අහිංසක ජනතාව බව රජයට නොවැටහීම ගැන අප පුදුම වෙමු.


සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙතෙක් ජනතාව විශාල කැපවීමකින් රැකගත් ස්වාධීන අධිකරණය මහා ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට ඇස් කන් නාසා වසාගෙන නොසිට රට වෙනුවෙන් කැප වෙන බව මේ අවස්ථාවේ සඳහන් කරමි.


ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කිවු පරිදි උඩ යන සෑම දෙයක්ම පහළට වැටෙන සංකල්පය මතක් කර දෙන්නේ අතීතයේ 5/6 හා 2/3 බලතල ලබාගත් පාලකයින්ද පහළට ආ බවද බලධාරීන් සිහි කිරීම ඉතා වටිනා බව සඳහන් කරමිනුයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර සහ නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

ස්වාධීන අධිකරණය රැකගැනීමට අපි කැපවෙනවා

kamal Wednesday, 10 February 2021 09:02 AM

තමුන්නාන්සේලාගේ කැපවීම් දැකලා අපිව නම් දැන් කෑලිවලට කැපිලා තියෙන්නේ.. කොයි පක්ෂයේ වුණත්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 February 2021 09:14 AM

සියලු දෙනා පක්ෂ භේදයෙන්, ජාති භේදයෙන්, ආගම් භේදයෙන් තොරව රටේ පොදු නීතිය රැකගත යුතුයි. එය අප සැමගේම යහපත වෙනුවෙනි. රටක නීති පද්ධතිය එක එක ආණ්ඩුවලට හා දේශපාලකයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන් යෙදවිය යුතු නැහැ.

:       0       0

Senarath Wednesday, 10 February 2021 09:16 AM

අපි දැක්කනේ ඔයාගේ කැපවීම... ඒ ගැන මොනවා කතා කරනවද? ඒකට කැපවුණු කෙනෙක් නේ... ළඟදී හිරේට නියම වුණේත්... එයා කළේත් ඔයාලගේ ලොක්කාගේ වුවමනාවන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 10 February 2021 01:14 PM

අධිකරණය ස්වාධීන නිසා නේද ඔබලා දාපු නඩුවලින් නිදොස් කොට නිදහස් වුනේ...?

:       0       0

Gamini Wednesday, 10 February 2021 05:41 PM

ඔව්, ඔව්... එතකොට ආයෙත් ජොනී වගේ අයට කෝල් කරලා සුහද බව ආරක්ෂා කරන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site