(දසුන් රාජපක්ෂ)
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.
ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තමා විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇතැයි එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
මෙම සැමරුම තමා සංවිධානය කළේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
ජන සංහාර සැමරුම් සතිය ලෙස නම් කළ සැමරුම් උත්සවයක් ඉකුත් මැයි 12 වැනිදා සිට සතියක කාලයක් පුරා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවැත්විණි. එම සැමරුම තුළින් ජාතිවාදය ඇවිස්සීමට සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙන බවට දකුණේ දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකවරු චෝදනා කළහ.
එම චෝදනා ප්‍රතික්ෂේප කළ සිවාජිලිංගම් මහතා පැවසුවේ යුද්ධය නිසා බැට කෑ දෙමළ ජනයා සනහාලීමට තමා ඒ ක්‍රියාව කළ බවයි.
COMMENTS
හොඳ වැඩේ...
මේ අය තමයි අපේ රට නැත්තටම නැති කරන්නේ...
නියමයි අප පැතූ වෙනස මෙයයි. පන්න පන්න ජාතිවාදීන්ට පහර දෙන්න. අපි ආයෙත් ගෝඨාභය ගේනවා.
මෙයා තමයි ලංකාවේ ජාතිවාදය පතුරුවන්නේ... නිසි දඬුවම් දෙන්න.
කොහොම හරි ඇතුලට දාමු එළියේ තියන්න හොද කෙනෙක් නෙමයි. තවත් එකෙක් ඉන්නවා විග්නේශ්වරන්. දෙන්නටම ඉතා ඉක්මනින් පියවර ගන්න වෙයි.
දැන් ඇවිත් උත්තර දෙන එකයි ඇත්තේ.....
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පිහිටෙව්වේ කවද්ද? නොවැම්බර් 16න් පස්සෙද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කරන්න ඉඩ දීලා දැන් එන්න කියන්න එහෙම කලේ ඇයි අහන්න...
රටක් ඇතුලේ රටක් විනාශ කරන අය මෙවන් ප්‍රකාශ කිරීම තහනම් කළ යුතුයි.
රනිල්ගේ නිවට ආණ්ඩුව නිසා සිංහල ජාතියට වුණු හානියට පව් ගෙවනවා දැන්...
මොකද එන්න බැහැ කියන්න බැරිද? සෙල්ලම් දාන්න එපා...
Aathura, ඔයාලගේ කාලේ ප්‍රකාශයක්වත් ගත්තේ නැහැනේ. ඒකයි උඩපනින්නේ.
නියමයි. දීපු ඡන්දෙ වටිනාකම ගැන හිතනකොට... ගොඩාක් සන්තෝසයි...
බණ්ඩාර පහුගිය කාලෙ මේ රටේ නෙමෙයිද හිටියෙ අමතකද අත් අඩන්ගුවටත් ගත්තා.