සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රට තුළ පවතින සංචාරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත සේවා කොළඹ ප්‍රධාන කාර්යාලයට සහ මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලට නොගොස් තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් (ඊමේල්), අන්තර්ජාලය මගින් හෝ වාණිජ බැංකු ශාඛාවකින් ඉටු කරගැනීමට හැකියාව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ සේවා ලබාගැනීම, පවතින වසංගත තත්ත්වය මත අතිශයින්ම සීමා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.
සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ආශ්‍රිත ඕනෑම සේවාවක් ලබාගැනීම සඳහා බැංකු වැඩ කරන දිනවල පෙරවරු 7.45 සිට පස්වරු 4 දක්වා මහජන සම්බන්ධතා විමසීම් අංශයේ 011-2206642, 011-2206690, 011-2206691, 011-2206692, 011-2206693, 070-2252051, 070-1278502, 070-2247862 යන දුරකතන අංකවලින් ද [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ද (ඊමේල්) විස්තර ලබාගත හැකි ය.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේවක අර්ථසාධක අරමුදල් සේවා ගන්න මහ බැංකුවට යන්න ඕනේ නෑ
කරූ Tuesday, 25 May 2021 04:27 AM
මොකටද මෙච්චර කල් එන්න කිව්වේ එහෙම නම්. ඕක නේද ලංකාවේ ලොකුම අරමුදල... ඕකට බැරි වුනා මිනිස්සු එන්නේ නැතිවෙන්න වැඩපිළිවෙලක් හදන්න තාම.