(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)
අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර  රංජන් රාමනායක මහතාට අද (11) සිට  සති දෙකක කාලයක් අමුත්තන්  බැලීම තහනම්  කර ඇති බව බන්ධනාගාර  මාධ්‍ය ප‍්‍රකාශක   සහ පාලන හා පුනරුත්ථාපන  කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය.
රංජන් රාමනායක  මහතා එකී වරද සම්බන්ධයෙන් චෝදනා ප‍්‍රත‍්‍රයක් සම්බන්ධයෙන්  අද දිනයේ බන්ධනාගාර විනය  ශාලාවට  ඉදිරිපත් කර ඇති අතර  එහිදී රාමනායක මහතා එකී වරද බාරගත් බව චන්දන ඒකනායක මහතා කියා සිටියේය.
එකී වරද බාර ගැනීම  නිසා බන්ධනාගාර ආඥාපනයේ  70 වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරිවරයා ඔහුට අමුත්තන් බැලීම සති දෙකකට කාලයකට තහනම් කර  ඇති බවද චන්දන ඒකනායක මහතා කීය.

 

 


රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් තහනම් කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයි සඳහන් කළේය.

වැඩි විස්තර පසුව