IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස්

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.

ඉකුත් 2015  ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින්  රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් පිළිබද තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම අභියාචන පෙත්සම් පිළිබද අභියාචනාධිකරණ තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් කොළඹ අලුත්කෙඞ් බල ප්‍රදේශයට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබීම හේතුවෙන් එදින එය ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ප්‍රකාශ්‍යට පත් කිරීම අදට කල් තැබිණි.


තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයන් නීතියට පටහැනි බවත් තමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන  ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවත්විණි.

ඡායාරූප -රොමෙෂ් ධනුෂ්ක සිල්වා ​



අදහස් (25)

සිල්රෙදි නඩුවෙන් ලලිත්-අනූෂ නිදොස් කොට නිදහස්

මම Thursday, 19 November 2020 05:26 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       0

liyanage Thursday, 19 November 2020 05:37 AM

වංචාවට, දූෂණයට, නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා.

:       0       0

damma himi. Thursday, 19 November 2020 06:07 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.

:       0       0

sena Thursday, 19 November 2020 06:10 AM

සාදු සාදු සාදු !!! තව තව රජයේ මුදල් අවභාවිතා කිරිමට ශක්තිය ලැබේවා.

:       0       0

Nuwan Thursday, 19 November 2020 06:25 AM

අපි නවමු තව නවමු...

:       0       0

චේතනා Thursday, 19 November 2020 06:51 AM

යහපාලනය ට තිබූ ප්‍රධාන ගැටළු අතර සිල් රෙදි බෙදා දීම සහ පෙරහැර වල අලි ඇතුන් ගමන් කිරීමද විය.

:       0       1

rana Thursday, 19 November 2020 07:08 AM

"වංචාවට - දුෂණයට - නාස්තියට තරාතිරම නොබලා දඬුවම් දෙනවා"

:       0       0

fairoos Thursday, 19 November 2020 07:08 AM

ඊයේ තමයි කිව්වේ වංචාවට දුෂණයට දඬුවම් දෙනවා කියලා.

:       0       0

[email protected] Thursday, 19 November 2020 07:10 AM

එතකොට සිල් රෙදි බෙදුවේ කවුද ?

:       0       0

කුසල් Thursday, 19 November 2020 07:14 AM

එක රටක් එක නීතියක්, අනේ ජාතිය අමතල පැය කීයද?

:       0       0

Rata Perata Thursday, 19 November 2020 07:16 AM

එහෙනම් මේ කෝටි 60 මේ දෙන්නාගේ සල්ලි වෙන්න ඇති.

:       0       0

pradeepa Thursday, 19 November 2020 07:46 AM

අපේ රටේ අධිකරණය ලෝකය හමුවේ විස්වාසයක් තියෙන අධිකරණයක් ලෙස පිළිගැනීමක් නැති වෙනවා.

:       0       0

සිතුම් Thursday, 19 November 2020 08:33 AM

අපි දන්නවා සර්ල සිල් රෙද්දක් තරම්ම පිවිතුරු අය කියලා.

:       0       0

saumal Thursday, 19 November 2020 08:33 AM

හැට නවලක්ෂේට සතුටුයිද දැන්.?

:       0       0

Banda Thursday, 19 November 2020 09:09 AM

අම්මො මෙයාල නිදහස් වෙලා මෙන්න ...

:       0       0

godfrey Thursday, 19 November 2020 09:14 AM

මිනීමරුවන් පාර්ලිමේන්තු යන කාලේ සිල් රෙද්දත් නඩුවක් ද මහත්තයෝ.

:       0       0

siri Thursday, 19 November 2020 09:37 AM

අපි නම් මොකුත් කියන්නෙ නෑ ඔන්න. මොන එහෙකටද පොලිසි ගානේ රස්තියාදුවෙන්නේ.

:       0       0

lalith Thursday, 19 November 2020 09:41 AM

නඩුවෙන් නිදහස් වුනත් තමන්ගේ හෘදශාක්ෂියෙන් නිදහස් වෙන්න බෑ.

:       0       0

Prasad Thursday, 19 November 2020 10:09 AM

ඉන්න හිතෙන රටක්.

:       0       0

Try Thursday, 19 November 2020 11:42 AM

අයියෝ කියලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ විනිසුරු පද්ධතිය විශ්වාස කිරීමට මිනිසුන්ට හැක්කේ කෙසේද,?

:       0       0

ana Thursday, 19 November 2020 12:53 PM

කවුද වැරදි කාරයා.....

:       0       0

සර්... Thursday, 19 November 2020 01:23 PM

නඩුත් හාමුදුරුවන්ගේ.... බඩුත් හාමුදුරුවන්ගේ......

:       0       0

ඉන්දික Thursday, 19 November 2020 01:38 PM

එතකොට දැන් මුල්‍ය වංචා වෙලාම නැද්ද මෙයාල අතින්. අපිද එතකොට හොරු....

:       0       0

Demuni Uduwara Thursday, 19 November 2020 02:03 PM

රුපියල් මිලියන 600 කට මොකද වුණේ! අපේ මුදල්. ප්‍රතිපූරණය කරන්නේ කවුද?

:       0       0

සකත් බණ්ඩාර Friday, 20 November 2020 01:47 AM

මේක ඓතිහාසික නඩු තීන්දුවවක් වෙනවා. මීට පස්සෙ රජයේ සේවකයින්ට රටේ මුල්‍ය නීති වලට හිර නොවී දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත සහ තමන්ගේ අභිමතය පරිදි ඕනෑම මුදලක් වියදම් කිරීමට පුළුවන් වෙනවා. සිල් රෙදි විතරක් නෙවෙයි තමන් කැමති ජන කොට්ඨාශයකට රජයේ මුදලින් මෝටර් රථ වුනත් බෙදා දීමේ අවසරය ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 319 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site