හිරාන් ප්‍රියංකර ජයසිංහ
සාලියවැව සිව් හැවිරිදි දැරියක් මරා දැමිමේ සිද්ධියේ සැකකාර මව අද (8) පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා ඉදිරියේ දී විශේෂ ප්‍රකාශයක් දිම සිදුවිය.
මෙසේ විශේෂ ප්‍රකාශයක් දිම සිදුවුයේ සාලියවැව නිළබැම්ම ඔළුමඩු ගම්මානයේ සිය සිව් හැවිරිදි දියණිය පහර දී මරා දැමු බවට පාපොච්චාරණයක නිරතව සාලියවැව පොලිසිය මගින් අත් අඩංගුවට පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව කෙරුණේ 21 හැවිරිදි හිටිහාමි මුදියන්සේගේ නයනා කුමාරි නැමති කාන්තාවකි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි මෙම කාන්තාව බන්ධනාගාරයේ සිට නැවත පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අදාළ නඩුව සැකකාරිය ඉදිරිපත් කරමිනි.
උදේ කාලයේ අදාළ නඩුව කැඳවු පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා හමුවේ මෙම සැකකාර මව ප්‍රකාශ කර තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධව තමාට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශෂ්‍ය බවයි.
එය මහෙස්ත්‍රාත් හමුවේ පමණක් දිමට මෙම කාන්තාව ඉල්ලා තිබිණි. ඒ අනුව අදාළ ප්‍රකාශය පුත්තලම අධිකරණෙයේ සියලු නඩු කටයුතු අවසන් වූ විගස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ දී සිදුවිය.
ඒ සදහා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ ඔහුගේ යතුරුලියන ලිපිකාරිය පමණක් එක්ව තිබිණි. එය සවස 3.05 ට ආරම්භ වු අතර එය සවස 4.20 ට අවසන් විය.
එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව නැවත බන්ධනාගාර නිලධාරින් බාරයට පත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නැවත මෙම නඩුව පෙබරවාරි 12 වැනි දාට කල් තැබිණි.
2025 නොවැම්බර් මස 04
317
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2133
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාලියවැව දැරිය මරා දැමු මවගෙන් විශේෂ ප්‍රකාශයක්