IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාලියවැව දැරිය මරා දැමු මවගෙන් විශේෂ ප්‍රකාශයක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
සාලියවැව සිව් හැවිරිදි දැරියක් මරා දැමිමේ සිද්ධියේ සැකකාර මව අද (8)  පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා ඉදිරියේ දී විශේෂ ප්‍රකාශයක් දිම සිදුවිය.

මෙසේ විශේෂ ප්‍රකාශයක් දිම සිදුවුයේ  සාලියවැව නිළබැම්ම ඔළුමඩු ගම්මානයේ සිය සිව් හැවිරිදි දියණිය  පහර දී මරා දැමු බවට පාපොච්චාරණයක නිරතව සාලියවැව පොලිසිය මගින් අත් අඩංගුවට පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව කෙරුණේ 21 හැවිරිදි හිටිහාමි මුදියන්සේගේ නයනා කුමාරි නැමති කාන්තාවකි. 

අදාල සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි මෙම කාන්තාව බන්ධනාගාරයේ සිට නැවත පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අදාළ නඩුව සැකකාරිය ඉදිරිපත් කරමිනි.

උදේ කාලයේ අදාළ නඩුව කැඳවු පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා හමුවේ මෙම සැකකාර මව ප්‍රකාශ කර තිබුණේ අදාළ සිද්ධිය සම්බන්ධව තමාට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශෂ්‍ය බවයි.

එය මහෙස්ත්‍රාත් හමුවේ පමණක් දිමට මෙම කාන්තාව ඉල්ලා තිබිණි. ඒ අනුව අදාළ ප්‍රකාශය පුත්තලම අධිකරණෙයේ සියලු නඩු කටයුතු අවසන් වූ  විගස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ දී සිදුවිය. 

ඒ  සදහා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සහ ඔහුගේ යතුරුලියන ලිපිකාරිය පමණක් එක්ව තිබිණි. එය සවස 3.05 ට ආරම්භ වු අතර එය සවස 4.20 ට අවසන් විය. 

එම ප්‍රකාශය  ලබා ගැනීමෙන් පසුව නැවත බන්ධනාගාර නිලධාරින් බාරයට පත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නැවත මෙම නඩුව පෙබරවාරි 12 වැනි දාට කල් තැබිණි.
 



අදහස් (0)

සාලියවැව දැරිය මරා දැමු මවගෙන් විශේෂ ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site