IMG-LOGO

“සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද සී.අයි.ඩීයට කියයි

(නිමන්ති රණසිංහ සහ දිනේෂ් උපේන්ද්‍ර)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද  කරුණු වාර්තා කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිදගෙන් බන්ධනාගාරයට ගොස් දින 06ක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් එහිදී ඇය මෙම ප්‍රකාශය සිදුකරනු ලැබූ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද  (04) කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

සාරා ජෙස්මින් යන අය නිතර නිතර සිදුකරමින් සිටියේ අන්තර්ජාලය පරිශීලනය කිරීමත් තොරතුරු එක්රැස්කිරිමත් පසුව ඒවා තම කණ්ඩායමේ අයවලුන්ට බෙදා හැරීමත් බව මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිද වන අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා දෙමින් සදහන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත්අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 10 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යොමුකරන ලද පෙත්සමක් විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා තම ඒකකයට භාරදෙනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂනී, පොලිස් පරික්ෂිකා මනේකා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත නිලධාරි කණ්ඩායමක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.



අදහස් (0)

“සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද සී.අයි.ඩීයට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 6 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2155 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 666 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site