IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සරසවි සිසුවියට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප

(කවිතා සුබසිංහ) 
 
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන ඝාතනයට තැත්කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා  අද(18) නියම කළේය.
 
ඒ අනුව සැකකරු රුපියල් 4,500 ක මුදල් ඇපයක් හා රුපියල් 25,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ධනුෂ්ක විකුම් කුමාර නමැත්තෙකි.

ඉකුත් 13 වැනිදා උදෑසන කැලණිය විශ්වවිද්‍යාල භූමියේදී එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවකට පිහියෙන් ඇණ අත කපා ඝාතනයට තැන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය14 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා බන්ධනාගාර ගත කර තිබිණ.
 
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක සඳනුවන් මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර පොලිස් සැරයන් (27909) අරුණ කුමාර හා කොස්තාපල් (90521) ගුණසිංහ යන නිලධාරීන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (1)

සරසවි සිසුවියට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප

K. T. Perera Wednesday, 19 June 2019 05:13 AM

මම නම් හිතන්නේ මේක මිනි මැරීමට තැත්කිරීමක් ලෙසයි. ඇපදීම සුදුසු නැත. මේ දරුවට මේකා නැවත හිරිහැර කරයි. ඕනෙ තරම් ලංකාවේ එහෙම වෙලා තිබෙනවා. අපේ රටේ නීති ගැලපෙන්නේ නැහැ. පිහියක් කියන්නේ ආයුධයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site