රංජන් කස්තුරි
සිරිසේන - රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රණය නිසා රට ආර්ථීක වශයෙන් බලවත් අගාධයකට පත්ව ඇතැයි හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ දී අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
එක් පුද්ගලයකුගේ හීනමානය දුෂ්ටකම හා වගකීම් විරහිතභාවය හේතුවෙන් මුළු මහත් රටක් හා ජනතාවක් ආර්ථික වශයෙන් අවපාතයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතු බවද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
පාර්ලිමේන්තුව පිළිගන්නා නීත්‍යනුකූල අගමැතිවරයෙක් ,කැබිනට් මණ්ඩලයක් සහ මුදල් ඇමැතිවරයෙක් නොමැතිව ලබන ජනවාරි මාසයේ සිට රටේ ආර්ථීක පවත්වාගෙන යන්නේ කෙසේ දැයි තමා නොදන්නා බවද මංගල සමරවීර ඇමැතිවරයා පැවසීය.
ලබන ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනයක අතිවිශාල ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ අතිවිශාල ණය මුදලක් ගෙවීම ශ්‍රී ලංකාවට සිදුවන අතර එම ණය ගෙවීම පමා කළහොත් ජාත්‍යන්තර වශයෙන් හා ආර්ථික වශයෙන් රට බලවත් අගාධයකට පත්වන බවද එහිදී සමරවීර මහතා සඳහන් කළේය.
එහිදී මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.
මේ ආණ්ඩුව නීත්‍යනුකූල නොවන බව කතානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අද රටේ තිබෙන්නේ ජාත්‍යන්තරය පවා පිළිනොගන්නා ආණ්ඩුවක්.පාර්ලිමේන්තුවේ අද නීත්‍යානුකූල මුදල් ඇමැතිවරයෙක් නැහැ. ඊට ඉදිරියට ගෙනයන්න, මුදල් වෙන්කරන්න ක්‍රමයක් නැහැ.මේ ආණ්ඩුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමටවත් බලයක් නැහැ. බහුතරය නැති පක්ෂයක්. ඒ අනුව මුළු රාජ්‍ය ක්‍රියාවලියම ඇණහිටින තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
2015 ජනවාරි සිට 2018 ඔක්තෝබර් වෙනකොට ඩොලරය රුපියල් 132 සිට 176.5 දක්වා වැඩි උනේ යහපාලනය රටේ ආර්ථිකය හසුරවපු හොදකමට වෙන්න ඇති .
නිකන් පිස්සු කෙලින්න එපා හලෝ... බැංකු කොල්ලයත් එක්ක කඩා වැටුණු ආර්ථිකය තවත් වැටෙනවා. මේ රටේ යුද්ධයක් තිබිලත් රට මෙහෙම වැටුනේ නැත. අවුරුදු 4 ට මුදල් ඇමැතිලා දෙන්නයි. පළමුවෙනියා කරපු හරිය ලෝකෙම දන්නවා. මෙයා අපිට බයිලා කියනවා.
මහලොකු මිස්ටර් ච්ලේං බැංකුව කඩපු වෙලාවේ ආර්ථිකය කොහෙද තිබුනේ මතකද?
ඔබතුමාලා කරනකොටත් එහෙම තමයි.
කලින් කොහෙද දන්නේ නැහැ තිබුනේ?
රට ගොඩ ගැනීමට පැමිණ සියලු සැප සම්පත් භුක්ති විඳිමින්, පරම්පරා කිහිපයකට වස්තුව රැස්කර සුළු කාලයකට විවේක ගන්නා අපේ දේශපාලකයින්ගේ වාදන තැටිය නැවත නැවතත් අපි අසමු. මාරුවෙන් මාරුවට අසන මේ ආර්ථික අගාධය ගැන සළකනවිට ශ්‍රී ලංකික ජනතාව මෙපමණ කලක් ගතකර ඇත්තේ නිසැකයෙන්ම අගාධයකමය. එහෙත් බොහෝ දේශපාලකයින්ගේ රාජකීය වාසනාවන්ත ජීවිත පැවැත්ම සහ රැස්කර ඇති වත්කම් බලනවිට ආර්ථික අගාධයට හේතුවත් ජනතාවට පැහැදිළි වියයුතුයි. ආර්ථික අගාධයක ඇති රටක් ගොඩ ගන්නට පෙර සියලුම දේශපාලකයන් තමන් ඉන්නා ආත්මාර්ථකාමී කමෙන් ගොඩ එන්නට සිතිය යුතු වන්නෝය. එසේ නොවන්නේ නම් මේක ආර්ථික අගාධය විකුණාගෙන කෑමක් පමණකි.
"ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණත්වයට පත්වන විට, ජනාධිපතිවරයාගේ කාර්යාලය නියෝජනය කරන්නේ ජනතාවගේ අභ්‍යන්තර ආත්මයයි. සමහරක් ශ්‍රේෂ්ඨ හා මහිමාන්විත දිනයක දී දේශයේ සාමාන්‍ය ජනයා අවසානයේ ඔවුන්ගේ හෘද ආශාව කරා ළඟාවනු ඇත. ජනාධිපති කාර්යාලය නිශ්චල අඥානයෙකු හා සම්පූර්න ප්‍රාග් ඓතිහාසික මෝඩයක් විසින් අල්ලා ගනු ඇත.
නැත්නම් ආර්ථිකය ඉතාම හොඳ මට්ටමක තිබුණා . අපිට ඒ බව තේරුණා.
අහිංසක ජනතාවට පුළුවන් තරම් බදු ගහලා උලා කෑවා. දැන් ඇවිත් වැදී බන කියනවා.
ඇයි පහුගිය ටිකේ අපි නිදාගෙන හිටියා කියලද තවත් හිතන් ඉන්නේ ... ඈ.. සමනළයිනි...?
අපොයි ඔව් ඔහේලා ගොඩක් ඉහළින් ඔසවල තිබ්බනේ ඊට කලින්
යහපාලන රජය යටතේ 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් වෙනකොට ඩොලරය රුපියල් 132 සිට 176.50 දක්වා ඉහළ ගියේ ආර්ථිකය හසුරවපු හොද නිසාද? . හාල් විතරක් නෙමෙයි පොලුත් පිටරටින් ගෙනාව මතක නැතිද ?
අගමැතිකමට විරුද්ධව උසාවි යන්න....
මංගල - ආර්ථිකය කඩාකප්පල් කලේ ඔබ ඇතුළු ඔබගේ පසුගිය රජයයි. වංචා සහගත ලෙස ලෝකයේ හොඳම මුදල් ඇමති පට්ටමක් රටට පෙන්වා සියලුදේ කණපිට හැරවුයේ ඔබයි. අලුත් ආණ්ඩුවකට මැජික් පෙන්නන්න බැහැ. රට විනාශ කල වගකීම චන්ද්‍රිකා ඇතුළු ඔබසැම බාරගත යුතයි.
එතකොට ඔය කියන විදිහට සති 2 කට කලින් ඉතා සුඛිත මුදිත කිරි පැණියෙන් ඉතිරෙන ලංකාවක්ද තිබුනේ? ඔයාලා තණකොළ කෑවට රටේ මිනිස්සු බත් කන උදවිය.
රටේ ආර්ථිකය නැති බංගස්තාන කලේ රවී සහ ඔබයි. එහාට මෙහාට බෝලේ ගහන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙක්ට සහයෝගය දෙන්න පුරුදුවෙන්න. රටේ මිනිස්සු දන්නවා ඔබ තුමාගේ කට ඇරියොත් කෙබර අත් අරින්නේ කියලා.
මේවා කිය කිය ඉඳලා වැඩක් නෑ,
ආර්ථික ආර්ථික ගැන කතා කරන්න නැතුව වෙන මොකුත් මාතෘකාව නැද්ද? ආර්ථික ශක්තිමත් කිරීම, හොරුන් දුෂිතයන් අල්ලන එකත් තව දුරටත් වලංගු නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය, පොදු අපේක්ෂකත් දැන් ජනතාවට තිත්තයි. වෙන මොනව හරි මාතෘකාවක් හොයා ගන්න වෙනවා.
ආර්ථිකය කඩා කප්පල් කලේ මහින්දවත් සිරිසේනවත් නොව පසුගිය රජය වුනු ඔබගේ ආණ්ඩුවෙනුයි. දැන් කිඹුල් කඳුල් හලන්න එපා ආර්ථිකය කඩා වැටුනා කියලා. ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ.
හොදම වැඩේ තමයි බෝට්ටුවකින් හරි වෙන රටකට යන එක. ඔක්කොම එකතුවෙලා රට කෑවා