(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.
ඊට සමගාමීව විද්වතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ සමුළුවක් ද කැඳවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය.
එම සර්ව පාක්ෂික සමුළුව මේ මස අග දී පමණ පැවැත්වෙනු ඇතැයිද ජයසේකර මහතා කීවේය .
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කාරණා 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සා සාකච්ඡා වූ බව ඔහු කීවේය.
විදුලි අර්බුදය, ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය , පොහොර අර්බුදය මෙන්ම , ආහාර අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ජයසේකර මහතා සඳහන් කළේය .
මේ අතර,පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රජය ඉ දිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින්, ඒ පිළිබඳව සිය විරෝධය ද එහිදී පළ කළ බව ජයසේකර මහතා කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ ,මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
සාගර කාරියවසම් යන මහත්වරු ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් , හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන , නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ෂා න් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් ,ජගත් පුෂ්පකුමාර ,ශාන්ත බණ්ඩාර , සාරතී දුෂ්මන්ත, චාමර සම්පත් දසනායක සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද ඊට සහභාගි වූහ .
ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවති බව වාර්තා විය .
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි
jayath Wednesday, 09 March 2022 10:18 AM
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීම හෙවත් මුකේ ලෙඩේට පශ්තාත්භාගයේ බෙහෙත් බැඳීම
fairoos Wednesday, 09 March 2022 02:26 PM
සර්ට බෑ... තොලොංචිවෙලා ගිය දවසට ලංකාවට හොඳයි... ‘‘ආගමික නායකයින්ගේ සමුළුවක්‘‘ මේ මොකටද? දැන්ද මතක් වුණේ?