IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි

(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයාංගනී)

රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයකට අදාලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි සිරිල් ගාමිණි පියතුමා අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොපැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

සිරිල් ගාමිණී පියතුමාට ඉකුත් (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව හමුවට කැඳවා තිබු අතර එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණි පියතුමන් ඒ සදහා සතියක කාලයක් ඉල්ලා තිිබණි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දි තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජුඞ් කි‍්‍රෂාන්ත පියතුමාගෙන් ලංකාදීපයට කළ විමසුමක දී උන්වහන්සේ පැවසුවේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකොට ඇති බැවින් නීතිඥ උපදෙස් අනුව පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පසුගිය මස 23 වනදා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් වති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදි සිදු කළ ප්‍රකාශයක් මුල්කරගෙන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදලාව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

 



අදහස් (13)

සිරිල් ගාමිණි පියතුමන් අදත් සී.අයි.ඩී නොඑයි

අතුල සෞදි Wednesday, 03 November 2021 04:29 PM

කවුරු කවුරුත් වාචාලකමට කියෙව්වාට හැමෝම නීතියෙන් රිංගලා හැංගෙන්නයි හදන්නේ...

:       27       85

GihanWednesday, 03 November 2021 05:36 PM

ඇත්ත කියන එකෙයි, වාචාල කමෙයි වෙනස තේරෙන්නේ නැති බූරුවන් තාමත් ඉන්නවා තමයි..

:       50       23

Alfread de CostaWednesday, 03 November 2021 08:18 PM

තමනුත් ඒ ජාතියෙම කෙනෙක් බව කියලයි තියෙන්නේ... ආගමේ නායකයෙක් වුවත් මෙහෙම කියන්න බෑ. ඇත්ත කිව්වා නම් කෝ සාක්ෂි?

:       7       20

සමන්Wednesday, 03 November 2021 09:51 PM

ඇත්ත කිව්වා නම් ඒ ගැන සාක්ෂි තියෙනවා නම් බයේ හැංගෙන්නේ ඇයි? ගිහිල්ලා ඒවා කියලා සාක්ෂි පෙන්නලා ඕවා කරපු අය අල්ලන්න උදව්කරා නම් ඉවරයිනේ. මෙලෝ අල බෝලයක් නොදැන කටමැත දොඩවලා දැන් බයේ හැංගෙනවා. කාදිනල් උන්නාන්සේට වුණත් දිගටම ඔය බොරු දෙසාබාන එක නැවැත්වුවේ නැත්නම් ඕකම තමයි...

:       1       1

sharm warn Wednesday, 03 November 2021 05:08 PM

මොන එහෙකටද එතුමා සී.අයි.ඩී. යා යුත්තේ? එතුමා බෝම්බ ගෙනාවද? බෝම්බ හැදුවද? බෝම්බ කරුවන්ට ඉන්න කන්න බොන්න දුන්නද? කරපු අය සුදු රෙදි වලට මුවාවෙලා... නිරපරාදෙ මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ ලේවල කෑ මොර දීම ගොඩක් බලවත්... විපාක බොහෝම ළඟයි...

:       52       30

fairoosWednesday, 03 November 2021 06:24 PM

දැනටම පඩිසන් හම්බවේගෙන එනවා.. ආණ්ඩුව මොකුත් කළේ නැතිනම් සොබාදහමින් පඩිසන් ලැබේවි...

:       36       19

kapila Wednesday, 03 November 2021 05:59 PM

කොහොම වුණත් පූජ්‍ය පක්ෂයත් දේශපාලකයන්ගේ තැනට වැටෙන්නේ නැතුව කටයුතු කරනවා නම් තමයි වැඩිය හොඳ...

:       4       56

ගමේ එකාලා Wednesday, 03 November 2021 06:06 PM

ඉතින් ඔයාලාට අදාල වෙන නීතියක් ඔතන වෙනස් වෙන්නේ නැත්තන් ඔයාලා අඬන්නේ මොකද? මේකේ ශ්‍රී ලංකා මුස්ලිම් නීතිය, උඩරට සිංහල නීතිය, තේසවලාමෙයි ඔයාලට අදාල වෙන්නේ කොහොමද?

:       32       0

අනේ අනිච්චං Wednesday, 03 November 2021 07:30 PM

බෞද්ධ ස්වාමීන් වහන්සේලාටයි... කතෝලික පියතුමන්ලාටයි... නීති දෙකක්. එකම රටක නීති දෙකක්...

:       35       6

YasanthaWednesday, 03 November 2021 08:14 PM

ඒක තමයි. හාමුදුරු කෙනෙක් වුණා නම් මෙලහකට හිරේ.... ඇපත් නෑ අවුරුද්දක් විතර යනකන්...

:       4       24

Saman Jayasinghe Wednesday, 03 November 2021 09:43 PM

මහ ලොකුවට කියෙව්වා නම් ගිහින් උත්තර බැඳපල්ලා... කිසිම දෙයක් නොදැන නිකං නිලධාරීන්ට අපහාස කරලා බොරු කියලා දැන් හැංගිලා...

:       13       7

Perera Thursday, 04 November 2021 12:21 AM

මිනිස්සු වෙනුවෙන් කතා කරලා හිරේ ඇත අඩංගුවට පත් වුනාට මොකද ?ජාත්‍යන්තරේ අවධානයත් මීට වඩා යොමු වෙනවා එතකොට.රිමාන්ඩ් එක කියන්නේ හිරේ නෙමේ

:       0       1

BamunuarachchiFriday, 05 November 2021 10:36 PM

මොනවද මිනිස්සු වෙනුවෙන් කතා කලේ? කියන්න බලන්න? බලමු උත්ත්රයක්දෙවිද කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1540 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1354 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site