(යොහාන් භාසුර)

සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් රැස්කළ බදු මුදල් අමාත්‍යංශය හදුන්වාදී ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතින් මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් හරහා එකතු කිරීමට කර ඇති යෝජනාවට විරෝධය දක්වමින් සුරාබදු නිලධාරීහූ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (18) පස්වරුවේ උද්ඝෝෂණය කළහ.

මෙම නව තීරණයත් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව විනාශ කිරීමේ උත්සහ දරමින් සිටින බවට සුරාබදු වෘත්තීය සමිති එකමුතු චෝදනා කළේය.

‘දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ කුමන්ත්‍රණය පරදවමු’ සහ ‘ජීඑස්ටී නව පවතින් නව බදු ඒකකයක් බදු මුදල් ඇමති අතට’ යන සටන් පාඨ කියමින් මෙහිදී සුරාබදු නිලධාරීහූ විරෝධතාවයේ නිතර වූහ.

ඡායාරූපය:

සුරාබදු නිලධාරීන් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිතර වූ ආකාරය.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි