
(රංජිත් රාජපක්ෂ)
නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ,රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ රැස්විමකදිය නාහිමියෝ මේ බව පැවැසූහ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කළ ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරිමට බැතිමතුන්ට අවස්තාව ලැබෙන බවයි.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමේදි කොවිඩ් 19 වයිරසය සදහා එන්නත්කරණ ලද කාඩ්පතද රැගෙන ඒම තුලින් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවයි.
වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව නොලැබුණු බවත්,ඒ අනුව මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්විමේදි ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබු අතර ශ්‍රි පාද වන්දනාවේ පැමිණිම්දි ශ්‍රි පාද පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.


2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරිපා කරුණාකරන්න එන්නත් කාඩ් රැගෙන එන්න
de silva Wednesday, 01 December 2021 02:51 PM
කරුණාකර මේ කොරෝනා වේගයෙන් පැතිරෙන අවස්ථාවේ සිරිපාදේ වැනි විශාල ජනතාවක් එකා පොදියට රැස්වෙන එක වළක්වන්න ඕනේ.. නත්තල්, අවුරුදු උත්සව වැනි දේවලුත් සීමා කරගන්න ඕනේ. රට ආර්ථික වශයෙන් වැටිලා මිනිස්සු ලෙඩවෙලා මැරිලායන අවස්ථාවේ ජාති, ආගම් භේද නොසලකා කවුරු කවුරුත් කැපකිරීම් කරන්න පුරුදු වෙන්න.
sanjeewa Wednesday, 01 December 2021 04:23 PM
අවුරුදු සමරලා මාස 3 පමණ ලෝක්ඩවුන් වෙලා හිටියා. මේ පාර සිරිපාදේ ගිහිල්ලා නත්තල් ෂොපින් ගිහින් පස්සේ පාර්ටි දමලා තව මාස 3ක් ලෝකඩවුන් වෙලා ඉන්නද කල්පනාව?
de silva Wednesday, 01 December 2021 04:51 PM
අදත් ආසාධිතයෝ 700...
මාකුඹුරේ සත්‍යපාල Wednesday, 01 December 2021 05:16 PM
හාමුදුරුවෝ කියන්නේ කෝවිඩ් එන්නත් කාඩ්පත ගේන්න කියලා... හාමුදුරුවනේ දේශීය වෙදකම අදහන පිරිස් එන්නත් ගන්නේ නැහැ... තවමත් දක්ෂ දේශීය වෛද්‍යවරු ඉන්නවා කියලා දැනගැනීමට තියෙනවා.. මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙංගමුවේ උපන් ඔබවහන්සේත් බටහිර වෙදකම ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සාහය දේශීය වෙදකමට මරු පහරකි...