IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරදඬුවම් විඳින - රිමාන්ඩ් සිරකරුවන් මිශ්‍රවෙන්න හොඳ නෑ

(අජන්ත කුමාර අගලකඩ)

සිර දඬුවම් විඳින සහ රිමාන්ඩ් සිරකරුවන් බන්ධනාගාරය තුළ මිශ්‍රවීමට සැලසීම කිසිසේත් නොකළ යුතු යැයි මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මේ අතර බරපතළ අපරාධ චෝදනාවලට සම්බන්ධ සැකකරුවන් අධි ආරක්ෂිත බන්ධනාගාරයක තැබිය යුතු යැයි ද එම කමිටුව නිර්දේශ කර තිබේ.

රැඳවියන් හමුවීමට පැමිණෙන නීතිඥවරුන්ට දැනට වඩා ක්‍රමවත් ආකාරයට ඒ සඳහා පහසුකම් සැලසිය යුතු බව ද කමිටුව නිර්දේශ කර ඇත.

බන්ධනාගාරයට එළවළු සැපයීම බන්ධනාගාරය ගොවි පොළවලින් පමණක් සිදු කරන්නැයි ද ඒ සඳහා මහ පරිමාණ ගොවිපොළවල් ඇති කොට රැඳවියන් යොදාගෙන ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන්නැයි ද කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විශාල පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින බැවින් ඔවුන් රෝගීන් වශයෙන් සලකා අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය කළ යුතු බවට ද කමිටුව නිර්දේශ කර ඇත. 



අදහස් (1)

සිරදඬුවම් විඳින - රිමාන්ඩ් සිරකරුවන් මිශ්‍රවෙන්න හොඳ නෑ

damith Tuesday, 12 January 2021 11:07 PM

සුළු වැරැදිකරුවනුත් අපරාධකරුවන් සමඟ එකට තබා ඔවුනුත් පසුව මහ චණ්ඩින් කරන්නේ නැතුව අපරාධකරු අනුව බන්ධනාගාර වර්ගීකරණය කළ යුතුයි. කමිටු නිර්දේශ ක්‍රියාත්මක වෙයිද ඉතින්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site