(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
කොළඹ අපරාධ කොට්ඨාශයට අද (29) පැමිණි සරත් ෆොන්සේකා මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ.
මෙරට කොරෝනා වයිරසය තත්වය පිළිබඳ ෆේස්බුක් හරහා තොරතුරු ලැබී ඇති සදහන් කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (29) පෙරවරු 10.40ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් නිලධාරීයෙක් පැවසීය.
ඉකුත් මාර්තු 18 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ප්‍රකාශක් කර ජනතාව තුළ අනිසි බියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කරන ලද පැමිණිල්ලකට අනුව සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත්තේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




COMMENTS
යුද විරුවන් සමරන්නද කොහෙද හදන්නේ ආණ්ඩුව? ටිකක් පරක්කු වෙලා...
මම හිතුවා මෙදා පාරවත් විහිලු නොසපයා ඉඳීවි කියලා... නමුත් දිගටම විහිලු වලින්ම යන පාටයි පෙනෙන්නේ...
මා පින්බර ලක් දෙරණේ...
කටවල් ටික වහල ඡන්දෙට යන්න වගේ.... හරි හරි ඔහොම යමුකෝ...!!!
ජනතාව බලාපොරොත්තු වුනේ මහබැංකු මංකොල්ලය, අවසානේ හොරු ආණ්ඩුව ඇතුළට. රට බේරාගත් රණවිරුවෝ කූඩුවට...
මේ වැඩෙන් හැමෝටම අමතක වෙලා ඉන්න සරත් ෆොන්සේකාට අනිවාර්යයෙන් වැඩි මනාප 5000-10000 ප්‍රමාණයක් නිකන්ම ලැබෙනවා.
ඉතාමත් කටුක අත්දැකීම් ලබමින්, ජීවිතය පරදුවට තබා, යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවීමට දායකත්වය ලබාදුන් අභීත රණකාමියෙක් ලෙසයි අප ඔබව දකින්නේ... ඔබ මෙහිදී එක් අවස්ථාවක හෝ පසුබට වුයේ නැත. ඔබට ජය...!!!
ෆොන්සේකා මහතාට විරුද්ධව පැමිණිල්ල කරපු මිනිහා කවුද කියා බලන්න.
කොරෝනා අස්සේ මේ කරන විගඩම් දැක්කම හිතෙන්නේ... දේශපාලනය කොයිතරම් අපේ රටේ බංකොලොත් වෙලාදකියල.. ඉස්සෙල්ලා පරණ රෙජීමය පැරදිලා ගෙදර ගිහිල්ලා... ආපහු එනකොට අපි හිතුවේ අලුත් නායකත්වය යටතේ හොඳ ගමනක් යයි කියලා. දැන් බැලුවම පරණ එකේ කාබන් කොපියමයි. අපි හිතපු වෙනස හීනයක්ම පමණයි.
ජීවිතකාලයක් යුද්දේ කරපු මව්බිම වෙනුවෙන් රුධිරය පූජාකරපු මේ විරුවාගෙන් පැයක කාලයක් ප්‍රශ්න කරපු එකනම් හොඳටම මදි..
ලංකාවේ ඉපදී සිහිනයෙන් අවදිවූයේ ඇයිද, දිගටම සිහින ගත වන්න..
"සරත් ෆොන්සේකාගෙන් පැයක ප්‍රකාශයක් ගත්තා "කියන්නේ ඒක එතරම් වැදගත්.., සලකා බැලිය යුතු, වටිනා කියන චෝදනාවක් නොවන බවයි...! එතුමාගේ පැරණි කැබිනට් ඇමති සගයන් පැය ගණන් මඩව මඩවා ප්‍රශ්න කිරීමත්, මෙතුමාට පැයකින් නිදහස් සුවය විඳීමට අවස්ථාව ලැබුණා කියන්නේ පොලිස් නිලධාරීන්ට වුණත් මෙවැනි සෙප්පඩ විජ්ජා, ප්‍රෝඩා තිත්තවී තිබෙන නිසායි.. කවුද එතුමාට එරෙහිව මෙවැනි අභූත චෝදනා ඉදිරිපත්කර එතුමා අපහසුතාවයට පත් කරන්න වලිකන්නේ? ඡන්දෙ අතළඟ එන නිසා වෙන්නත් පුළුවන් නේද?