
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් අද සංවිධානය කොර තිබුණි.
පවතින කොරෝණා අවදානම නිසා යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය නොපැවත්වීමට තීරණය කිරීම හේතුවෙන් වලිකාමම් නැගෙනහිර මුහුදු තීරයේදී මෙම සරුංගල් සැණකෙළිය කට්ටෙයිකාඩු ශාන්ත මරියා ක්‍රීඩා සමාජය සංවිධානය කොට තිබුණි.
කට්ටෙයිකාඩු වෙරළ තීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ගෙවී ගිය කාලයේදී ජනතාවට බලපෑ කොරෝණා වෛරසය, ගෑස් ගැටලු, පොහොර ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබුණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයිවට් ජෙට් යානා, සීනී ගෝනි, පොල්තෙල් බෝතල්, නයා සරුංගල්, වාගේ සරුංගල් තිබුණාද?
සී අයි ඩී එකේ මහත්තුරු එහෙම ගියේ නැත්ද දන්නේ නැහැ මේක බලන්න .මොකද එයාලට දැන් හරියට වැඩ දීල වගේ පේනවා