(කාංචන කුමාර ආරියදාස)
රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් නාන කාමර කට්ටල රුපියල් 20,000 වටිනාකමින් යුත් කුඩු පැකට් දෙකකට අලෙවි කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සමඟ සොරාගත් නාන කාමර කට්ටල මිලදී ගත් කාන්තාව දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ නිවසක් බිඳ එහි සවිකොට තිබූ නාන කාමරයක නවීන පන්නයේ උපාංග සියල්ලම ගලවා ගෙන ගොස් ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
මාසයකට අධික කාලයක් මෙම සොරකම පිළිබඳ ව විමර්ශනය කළ ද කිසිවෙකුත් සොයා ගැනීමට නොහැකිවී තිබේ.
සැකකරුවන් සමග මත්කුඩු ලබාදුන් කාන්තාවගේ නිවස පරීක්ෂාකිරීමේදී සොරාගෙන තිබූ නාන කාමර කට්ටල සියල්ලම නිවසේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
සොරකම් කරන ලද භාණ්ඩ ලඟතබාගැනීම ඒවා මත්කුඩු වලට හුවමාරු කරගැනීම මත්කුඩු අලෙවි කිරීම යන චෝදනා යටතේ එම කාන්තාව ද පොලිස් භාරයට ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා පැවසීය.
සැකකරුවන් සියලු දෙනා දැඩිව මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් බව පොලීසිය කියයි.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.