
(නිමල් ජයරත්න)
දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයෙන් සොරකම් කළ ගැබ්බර එළදෙනුන් දෙදෙනකු රැගෙන යාමේ දී වූ බාධාවක් නිසා කුඹුරක බැඳ පිදුරු දමා පුළුස්සා මරා දැමීමේ අවාසනාවන්ත පුවතක් දිඹුලාගලින් වාර්තා වෙයි.
සේරුවල ප්‍රදේශයේ ගොවියකු විසින් ඇතුකරනු ලැබූ මෙම එළදෙනුන් එම ගව පට්ටියෙන් සොරාගෙන යාමේදි අතරමඟවූ යම් බාධාවක් නිසා මෙසේ පුළුස්සා මරා දමන්නට ඇතැයි සැකකරයි.
මෙම සිද්ධිය සම්බන්ධෆයන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.වීරසිංහ මහතා පවසයි.

COMMENTS
අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො. සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.
මේ මිනිසුන් මොනතරම් පව්කාරයන්ද ? අහිංසක සතුන් පව්.....
මෙවැනි මනසක් ඇති පව්කාරයෙක් මනුශ්‍ය ආත්මයක් ලැබුවේ කෙසේද? මදුරුවෙක්වත් නොමරන මට මෙම සිදුවේම මහත් කම්පනයක් ගෙනදෙයි.
අනේ මෙහෙමත් හිත් පිත් නැති නොමිනිසුන්. මෙය හොරකමට එහා ගිය දෙයක්. සතුන්ගේ හිමිකරුවා සමග බද්ධ වෛරයක් තියෙන්නට ඇති.
මොන ලොකෙට යන්නද මේ කරුම. ඒත් මගේ දැනුම අනුව මේක පුස්සලා මරල නෙමෙයි. මරල පුස්සලා තියෙන්නේ. වෙලේ මැද නිසා අකුණක් වෙන්නත් පුළුවන්
මේ සිදුවීමෙන් සසර චක්‍රය අවබෝධ කරගන්න. මෙය සිදු කල පුද්ගලයන් ගැන සිතමින් ඔබගේ සිත ද්වේෂයෙන් පුරවා නොගන්න නුවණැති වන්න. මේ සිදුවීම අරඹයා මෙය සිදු කල අයට දිය යුතු අවම හා ලිහිල්ම දඬුවම කුමක්දැයි කියා කල්පනා කලහොත් ඔබට වැටහේවි, මෙලෙසම යම් දිනක ඔවුන්ටත් පිළිස්සී මිය යෑමට කටයුතු යෙදුනා නම් එය ගැළපෙන බව. එහෙම නම් මෙම ගැබ්බර එළදෙනුන්ටත් විපාකයක් ලෙස එවැනි දඬුවමකට යටත් වෙන්න උනා විය හැක. මෙම සිදු කල මිනිසුන් අලුතින් සසර චක්‍රයකට මුල පිරුවා හෝ පෙර භවයක වෛරයක් සන්සිඳුවා ගත්තා විය හැක.
කොහේ ගෙනියන්නද මේ පාප කර්ම කරනේ
මිනිසුනි ඇයි මේතරම් අමනුස්ස වැඩ කරන්නේ . මේ තරම් පාප කර්ම කරලා කොහේ ගෙනියන්නද හදන්නේ
හිතක් නැති මිනිස්සු...හරකුන්ට වාඩා තිරිසන්නු...
කාලකන්නි මිනිසු. අසරණ සත්තු පව්
අරුණගේ අදහසට මමත් එකඟයි. මෙතන අකුණක් වැදිලා වෙන්න ඇති. පිදුරු ගොඩක් දාලා ගිනි තියලා නෑ. සතා මැරෙන්න තරම් පිච්චිලත් නෑ. ගින්දර එක සරළ රේඛාවක් දිගේ ගිහින් තියෙන්නේ. අකුණක් කියලම තමයි හිතන්න වෙන්නේ..