(ඉන්දිකා  රාමනායක)

වැලිකඩ     බන්ධනාගාරයේ      සිරකරුවන්  සිව්  දෙනකු     මෙරවර  ධර්මාචාර්ය   විභාගයට පෙනී සිටින  බව   බන්ධනාගාර  දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විභාගය හෙට (8) අනිද්දා (9) සහ (15) යන  දින තුළ පැවැත්වේ.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත තිබු මෙම විභාගය  කොවිඩ් 19 වසන්ගතය හේතුවෙන්  පැවැත්වීමට නොහැකි  වු බවත්, ඒ  වෙනුවෙන්   ඉහත දින තුන  තුළ මෙම විභාගය  පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම විභාග අපේක්ෂක  සිරකරුවන් සිව්දෙනා  වැලිකඩ බන්ධනාගාරයේ  සුචරිතෝදය   දහම් පාසල් විභාග මධ්‍යස්ථානයේ දී    විභාගය ට පෙනී සිටින බවද  හෙතෙම කියා සිටියේය.

 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්රි යාවලියේ එක් අංශයක් ලෙස දහම් පාසල් අධ්යාවපනය  සුවිශේෂි වන බවත්,  වැරදිකරුවන් වු මෙම පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු බවට පත් කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්රිනයාදාමය සිදු කරනු ලබන බවද හෙතෙම කීය.