IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට


වේදනා නාශක බෙහෙත් කරල් 19 ක  අඩංගු  ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනියුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු  බන්ධනාගාර නිලධාරීන්  අද (24)  දහවල්   අත්අඩංගුවට ගෙන තිබේ.
 
බෙහෙත් ද්‍රව්‍ය  තුළ මත්කුඩු  සඟවා ගෙන වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යන බවට ලද තොරතුරකට අනුව ඇති වු සැකය මත සිදු කළ පරීක්ෂාවකදී  ඔහු අත්අඩංගුවට ගත් බව  බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
 
ඖෂධ සංයෝජකවරයා රාජකාරී සඳහා වාර්තා කර නැවතත් බන්ධනාගාර පරිශ‍්‍රයෙන් පිටතට ගොස් තිබේ.
  
එසේ ගොස් ආපසු එන අවස්ථාවේදී ඇති වු සැකය මත ඖෂධ සංයෝජකවරයා පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කරන ලද වේදනා නාශක බෙහෙත් පෙති සොයා ගෙන තිබේ.


මේ ආකාරයට මොහු දීර්ඝ කාලයට සිට ජාවාරමක් ලෙස වැලිකඩ බන්ධනාගාරය තුළට ඖෂධ තුළ සඟවා රැගෙනවිත් රැදවියන්ට මත්කුඩු බෙදාහරින්නට ඇති බවත් ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. 
 
 වැඩිදුර විමර්ශන සදහා සැකකරු බොරැල්ල පොලීසියට බාර දී තිබේ.

 

(36698)
 



අදහස් (1)

සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට

nirupa Monday, 24 December 2018 11:58 AM

ඇවිල්ලා ඇවිල්ලා කාගේත් හොඳ කාලය ඇවිල්ලා යමල්ලා යමල්ලා කුඩු කරෝයෝ ඇතුලට දමල්ලා.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site