IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සිරිකොතට ගල් ගහන්න අපට අවශ්‍ය ඕන නෑ

(නිමල කොඩිතුවක්කු)

සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ගල් ගැසීමට කිසිදු අවශ්‍යතාවයක් සමගි ජන බලවේගයට නොමැති බවත් අගෝස්තු පස් වනදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉරණම පිළිබඳ ජනතාව තීන්දුවක් ගනු ඇතැයිද සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(29) කොළඹදී පැවසීය.

හොරකම දුෂණය වංචාව ප්‍රතික්ෂේප කරන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කණ්ඩායම් දිනෙන් දින සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරා පෙළගැසෙමින් සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු එම පක්ෂයේ පිරිසක් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා අද ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීවේය.
 
මේ රටට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් පාලනය ගරු කරන කණ්ඩායම් අද අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා. සමගි ජන බලවේගයට අද මව්බිම ජනතා පක්ෂය එකතු වුණා. අපට අවශ්‍ය හොරකම දූෂණය වංචාව ප්‍රතික්ෂේප කරන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දක්ෂ කණ්ඩායමක්. ඒ අයත් එක්ක රට ගොඩ නැගීමට අපි කැප වෙනවා.

පසුගිය අවුරුදු ගණනාවක්ම මේ රටේ ජනතාව කිව්වේ ඒ පක්ෂයේ හොරකම් කරහම මේ අය බේරගන්නවා මේ අය හොරකම් කරහම ඒ අය බේරගන්නවා කියලා. 225ම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට රටේ ජනතාව අද පත් වෙලා තියෙනවා.
රටේ උගතුන් බුද්ධිමතුන් වියතුන් අද අපිත් එක්ක එකතු වෙමින් සිටිනවා. භික්ෂූන් වහන්සේ බෞද්ධයන් අද අපේ ගමනට විශාල ශක්තියක් වෙලා තියෙනවා.
සෙබළුන් දෙදහසක් තුන්දහසක් ඝාතනය කළ කරුණා අම්මාන්ලා රාජපක්ෂලාට එකතු වෙද්දි රටේ සංස්කෘතිය කලාව ආරක්ෂා කරගනිමින් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම ගැන අපි මව්බිම මව්බිම ජනතා පක්ෂයේ නියෝජිතයන්ට ස්තූතිවන්ත වෙනවා. අද මේ වගේ විශාල පිරිසක් අපි වටා එකතු වෙමින් සිටිනවා.
 
ඒ සියලු දෙනාම රට ගොඩනගන  වැඩපිළිවෙලෙහි කොටස්කරුවන් බවට පත් කර ගැනීමට අපි කටයුතු කරනවා.
ඒ සියලු දෙනාම රට ගොඩනගන  වැඩපිළිවෙලෙහි කොටස්කරුවන් බවට පත් කර ගැනීමට අපි කටයුතු කරනවා. සමගි ජන බලවේගය විදිහට එක්සත් ජාතික පක්ෂයට හරි ඒ පාක්ෂිකයන්ට හරි අපි අගෞරව කරන්නේ නැහැ. මොකද ඒ පක්ෂය අද තියෙන්නෙත් මෙතන. කලින් ආණ්ඩු හිටපු මැති ඇමතිවරු අසූවක් අද අපිත් එක්ක ඉන්නවා. සිරිකොත බෝඩ් ලෑල්ලට පමණක් සීමා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අද ඉන්නේ පහළොවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට අද රැස්වීමක් තියාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

දැන් සිරිකොතට ගල් ගහන කතා කියලා පාක්ෂිකයන් වෙන වෙන දේවල් වලට යොමු කරනවා. අපිට සිරිකොතටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයටවත් ගල් ගහන්න අවශ්‍යත් නැහැ. අගෝස්තු 5 වන දා පැවැත්වෙන මහ මැතිවරණයේදී ජනතාව මේ අය ගැන තීන්දුවක් ගනීවි. සිරිකොත දැන් ඉන්න පිරිසෙන් ඇඟිලි 5ටත් අඩු ගානක් තමයි මහ මැතිවරණයෙන් පස්සේ ඉතුරු  වෙන්නේ.අපිට තියෙන්නෙ ආණ්ඩුව අල්ලන්න යන ගමනක් ආණ්ඩුව ගත්තට පස්සේ පාක්ෂිකයන් තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියලා යයිද ඔහු එහිදී පැවසීය. 



අදහස් (0)

සිරිකොතට ගල් ගහන්න අපට අවශ්‍ය ඕන නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1012 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site