IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සය නිවුන් දරුවෝ ගෙදර යති

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු සය නිවුන් දරුවන් ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස  21 වෙනිදා උපත ලැබූ දරැවන් හයදෙනා මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා අද (20) රෝහලෙන් පිටව ගියහ.

එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සෙනෙහස රැකවරණය යටතේ එහි ළදරු දැඩි සත්කාර ඒකකයේ සිටි මෙම දරුවන් නිරෝගී දරුවන් ලෙස නිවෙස කරා පිටව යන මොහොතේ ඔවුන්ට සමුදීම වෙනුවෙන් වන කෙටි උත්සවයක් ද රෝහලේ දී පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද සහභාගීත්වයෙනි.
 
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු මේ සය නිවුන් දරුවන්ගෙන් තිදෙනකු පිරිමි දරුවන් වන අතර අනෙක් තිදෙනා ගැහැනු දරුවෝය.

අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග (35) මෙම දරුවන්ගේ දෙමාපියන් වන අතර ඔවුන් දරුවන් සමඟ නිවස බලා පිටව ගියේ ඉමහත් සතුටිනි.

 දරුවන්ට අවශ්‍ය විවිධ දෑ ලබාදීම සඳහා අනුග්‍රාහකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (6)

සය නිවුන් දරුවෝ ගෙදර යති

ශුභපැතුම් ! Saturday, 20 November 2021 02:03 PM

ආදරණීය දරුවනි, ඉක්මණින්ම පාස්පෝට් පෝලිමට එකතු වී ඔබේ අනාගතය පැහැබර කරගන්න... හොඳ දියුණු රටකට යන්න..!

:       89       61

SashithSunday, 21 November 2021 08:12 AM

ආදරණීය දරුවනි, කොන්ද පණ නැති මේ වගේ අය වෙන්න එපා. වෙන රටවල් වලින් ඇවිත් අපේ රට හදනකන් බලන් ඉන්නෙ නැති, පොඩ්ඩක් ප්‍රශ්ණ එනකොට ඒවයෙන් පැනල යන්නෙ නැති අය වෙන්න. ප්‍රශ්ණ වලට මුහුණ දීල ඒව දිනන හැටි ඉගෙන ගන්න. කොන්දක් තියෙන මිනිස්සු වෙන්න.

:       2       41

ගමේ එකාලා Saturday, 20 November 2021 04:40 PM

මවටත්, දරු පැටවුන්ටත් සියලු දෙව්පිහිට ලැබේවා. මහචාර්යතුමන් ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය...!!!

:       1       35

Anusha Saturday, 20 November 2021 10:17 PM

ඔයාල 8 දෙනාට බුදු සරණයි ,දෙවි පිහිටයි

:       0       21

Royfedricks Sunday, 21 November 2021 04:25 AM

උත්සවයට කිරි වැරූ එලදෙනෙකුත් ගෙනැල්ලා.මම හිතන්නේ එලදෙන දඩාවතේ යන ගමන් ඔහේ ඉස්පිරිතාලයට කඩා වැදෙන්න ඇති.ඔය සත්තුන්ට මොලේ නැහැනේ.ඔහේ තැන නොතැන නොබලා එනවා.

:       8       2

don Sunday, 21 November 2021 06:00 AM

ආර්ථික ප්‍රශ්න ආවොත් අපිටත් කියන්න.පුළුවන් විදියට උදව් කරන්නම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31392 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13633 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 133 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site