
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු සය නිවුන් දරුවන් ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස 21 වෙනිදා උපත ලැබූ දරැවන් හයදෙනා මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා අද (20) රෝහලෙන් පිටව ගියහ.

එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සෙනෙහස රැකවරණය යටතේ එහි ළදරු දැඩි සත්කාර ඒකකයේ සිටි මෙම දරුවන් නිරෝගී දරුවන් ලෙස නිවෙස කරා පිටව යන මොහොතේ ඔවුන්ට සමුදීම වෙනුවෙන් වන කෙටි උත්සවයක් ද රෝහලේ දී පැවැත්විණි.
ඒ අග්‍රාමාත්‍ය ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද සහභාගීත්වයෙනි.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු මේ සය නිවුන් දරුවන්ගෙන් තිදෙනකු පිරිමි දරුවන් වන අතර අනෙක් තිදෙනා ගැහැනු දරුවෝය.
අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග (35) මෙම දරුවන්ගේ දෙමාපියන් වන අතර ඔවුන් දරුවන් සමඟ නිවස බලා පිටව ගියේ ඉමහත් සතුටිනි.
දරුවන්ට අවශ්‍ය විවිධ දෑ ලබාදීම සඳහා අනුග්‍රාහකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
ආදරණීය දරුවනි, ඉක්මණින්ම පාස්පෝට් පෝලිමට එකතු වී ඔබේ අනාගතය පැහැබර කරගන්න... හොඳ දියුණු රටකට යන්න..!
මවටත්, දරු පැටවුන්ටත් සියලු දෙව්පිහිට ලැබේවා. මහචාර්යතුමන් ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය...!!!
ඔයාල 8 දෙනාට බුදු සරණයි ,දෙවි පිහිටයි
උත්සවයට කිරි වැරූ එලදෙනෙකුත් ගෙනැල්ලා.මම හිතන්නේ එලදෙන දඩාවතේ යන ගමන් ඔහේ ඉස්පිරිතාලයට කඩා වැදෙන්න ඇති.ඔය සත්තුන්ට මොලේ නැහැනේ.ඔහේ තැන නොතැන නොබලා එනවා.
ආර්ථික ප්‍රශ්න ආවොත් අපිටත් කියන්න.පුළුවන් විදියට උදව් කරන්නම්