(රංජන් කස්තුරි)
දෙවන වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව එම පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද ඇමතිවරයා කීය.
පාසැල් පරිශ්‍ර සෝදිසි කිරීම පිළිබඳව සියලුම ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදාට (29) පෙර එම කටයුතු සිදුකෙරෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
COMMENTS
ඔබගේ ක්‍රියාව අගය කරනවා.අහිංසක දරුවන් ආරක්ෂා කිරීම අප කාගේත් යුතු කමක් වගකීමක්.
පිස්සුද මෙච්චර ඉක්මනට ඉස්කෝල ටික පටන් ගන්න යන්නේ? තව ප්‍රහාර සිද්ද වෙන්න පුළුවන් කියලා තියෙනවා නේද? තවත් ජීවිත අහිංසක ළමයින්ගේ නැතිකරන්නේ නැතුව ඉන්න. හමුදාවෙන් කියයි කවද්ද පාසල් පටන් ගන්න පුළුවන් කියලා. බොරුවට දොඩවනවා...
ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, පාසල් ආරම්භයට පෙර පරීක්ෂාව පමණක් නොව පාසලේ සිට දෙපසට කිලෝමීටර භාගයක්වත් දුරට මාර්ගයේ දෙපස වාහන නැවතීම හා පාසල් ආරම්භයට පැයකට පෙර හා පාසල් අවසන් වනතුරු පාසලේ ප්‍රධාන පිවිසුම වෙත පොලිස් හෝ හමුදා ආරක්ෂක නිලධාරීන් 2ක් වත් යොදවන්න. පාසල් ආරම්භ කළ පසු මොනම හේතුවක් නිසාවත් පාසැල තුළට ගුරු මණ්ඩලය දරුවන් හැර වෙන කිසිම කෙනෙකුට ඇතුල්වීම පොලිසිය මගින් තහනම් කල යුතුය. මන්ද පාසල් සිසුන් ලෙසින් මේ අයවලුන් පාසැල වෙත පැමිණීම බලාපොරොත්තු විය යුතුය. පාසල අාසන්න මාර්ගයට විකල්ප මාර්ග ඇත්නම් එම විකල්ප මාර්ග භාවිතා කර පාසල අසන්න මාර්ගය පාසල් කාලය තුල වසා තැබීමට පියවර ගන්න. එමෙන්ම පාසල් බස් රථ සුපුරුදු ලෙස පෙර නැවතුම් වල ගාල් කර රියදුරන්ට නිවෙස්වලට නොයන ලෙස හෝ බස් රථ ආපසු නිවෙස් වලට රැගෙන යන ලෙසද දරුවන් නන්වා ගැනීමට පෙර හොඳින් බස් රථ පරීක්ෂා කරන ලෙසටද ඔවුන්ට දන්වන්න. අප දරුවන් පාසල් යවා නිවෙස්වල හෝ කාර්යාලවල සිටිනුයේ විශාල මානසික පීඩනයකින් බව ඔබතුමාට හොඳින් වැටහෙනු ඇතැයි මා සිතමි.
පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක්කිරීම හොඳයි. නමුත් පාසැල් පවත්වන කාලයේදී ඇතිවන මහා වාහන තදබදයටද පිළිතුරක් සොයාගැනීම නම් ලෙහෙසි වෙන එකක් නැහැ. මෑත කාලයේදී රජයේ අදූරදර්ශී පිළිවෙත් නිසා කුඩා වාහන සීඝ්‍රයෙන් වැඩිවීම නිසා සමහර හන්දියක් පසුකර ගෙන යාමට ප.ව. 1.30 කාලයේදී පැය 1/2කට වඩා ගතවේ. 1980 ගණන්වල වුණා වගේ මරදාන හා පිටකොටුව බෝම්බ පිපිරීම් වගේ දෙයකට නැවත ඉඩ නොතැබිය යුතුයි...
දරුවනේ, ආරක්ෂාව වෙනුවෙන් ලියන දේටත් ඩිස්ලයික් දාන එවුන් තමයි අපේ රටේ ඉන්නේ. නැතිනම් මොවුන් මුස්ලිම් අන්තවාදීන් කරුණාකර සොයා බලන්න.