IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සියලු පක්ෂ නායකයෝ හෙට පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු  කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  සියලු පක්ෂ නායකයෝ  පාර්ලිමේන්තු සංකීරණයට  හෙට (11) දහවල් කැඳවනු ලැබ සිටිති.

ජනාධිපතිවරයා  ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන්  දින දෙකක විවාදයක් ලබාදෙන්නැයි  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීම මෙම පක්ෂ නායක හමුවේ ප්‍රධාන අරමුණ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කල්තැබීමේ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී  පවත්වන්නැයිද එම පක්ෂ නායකයන්  වැඩිදුරටත් ඉල්ලා තිබිණ.

මෙයට අමතරව තවත් වැදගත් කරුණු කිහිපයක්ද  මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කතානායක කාර්යාලයේ නිලධාරියෙක්  ලංකාදීපයට පැවැසීය.

මේ පක්ෂ නායක හමුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණත් නොවැළක්විය හේතුවක් මත එය අදට කල්  ගියේය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ලබන 18 වෙනිදා උත්සවාකාරයෙන් යළි  විවෘත කිරීමට නියමිතය. සැසිවාරය අවසන් කිරීමත් සමග අක්‍රිය වූ කමිටු  යළි ස්ථාපනය කර  පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවීම ඉන් අනතුරුව ඇරඹෙනු ඇත.



අදහස් (0)

සියලු පක්ෂ නායකයෝ හෙට පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site