IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් අද  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා පවසයි.

චීනයේ බෙයිජිං නුවරින් අලුයම අලුයම 12.15 ට මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගෙන පිටත් වූ , මෙම ගුවන් යානා දෙකෙන් පළමු වැනි ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.869 දරන ගුවන් යානය  අලුයම 05.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන දෙවන විශේෂ ගුවන් යානයෙන් අනෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ත් රැගෙන , චීනයේ බෙයිජිං නුවරින්  අලුයම 01.45 ට පිටත් වී ඇති අතර , එම ගුවන් යානය අලුයම 06.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීයේය.

ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි මෙම එන්නත් තොගය , මෙම ගුවන් යානාවලින් ගොඩ බෑ පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගත්තේය . අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින්  කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගියේය.



අදහස් (1)

සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් කටුනායකට

de silva Sunday, 11 July 2021 11:41 AM

අර ලංකාවේ හදන්න පටන් ගත්තා කියන එන්නත් ෆැක්ටරියත්, රනිල්ගේ වොක්ස්වැගන් ෆැක්ටරිය වගේ එකක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 116 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 962 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2570 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site