IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සයින්දමරුදුවලට ප්‍රා සභාවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ විභාගය අවසන්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)

සයින්දමරුදු ප්‍රදේශය ප්‍රාදේශීය සභාවක් ලෙස ප්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු 2017 වසරේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවසන් විණි.

මෙම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනි සිටි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිව ගුණතිලක මහතා අදාල ප්‍රදේශය දැනටමත් නගර සභාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව පෙත්සම් විභාගය මෙසේ අවසන් විණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ පෙත්සම්කරුවන් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

ඒලියස් ෆලීල් සහ මොහමඩ් කලීල් යන දෙදෙනා ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පළාත් පලන ඇමැතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

පෙත්සමේ මෙසේද සඳහන් විණි.

සයින්දමරුදු ප්‍රදේශය ප්‍රදේශීය සභාවක් ලෙස නම් කිරීමට සියලු සුදුසුකම් සපුරා ඇත. මේ පිළිබඳව බලධාරින්ගෙන් කිහිප අවස්ථාවකදීම ඉල්ලා සිටියත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

එබැවින් අදාල  ප්‍රදේශීය ප්‍රාදේශීය සභාවක් ලෙස ප්‍රකාශ කරන ලෙස සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ මනෝහාර ද සිල්වා මහතා පෙනි සිටියේය. නිතිපති වෙනුවෙන් නියොජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිව ගුණතිලක මහතා  පෙනි සිටියේය.



අදහස් (6)

සයින්දමරුදුවලට ප්‍රා සභාවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ විභාගය අවසන්

Prase Tuesday, 18 February 2020 01:01 PM

අපට නගර සභාවකුත් අවශ්‍යයයි.

:       0       1

Duneth Tuesday, 18 February 2020 04:02 PM

ඉල්ලුවේ ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක්ම හම්බවෙලා

:       0       150

saradiyel Wednesday, 19 February 2020 01:37 AM

එයාලට ඉල්ලපු ගමන්ම හම්බ වෙනවා අපිට.?

:       0       3

shafWednesday, 19 February 2020 04:43 AM

ඔයාලත්, අපි වගේ ඔය බොරු කට කතා විශ්වාස කරන එක, දේශපාලකයන්ව සහ පූජකයන්ව වැඳ ගෙන පුදා ගෙන ඉන්න එක නවත්තලා ඔයගොල්ලන්ගේ සමාජයේ මුල් බැසගත් බීම, බොරුකීම, ඉරිසියාව, කෙටවීම සහ තව නොයෙකුත් වැරදි රැල්ලට අසු නොවී, තම නැණ නුවණින් විමසා කටයුතු කළොත් දිනුම් තමා. නැත්තම් ඉතින් හැමදාම මේවගේ හූල්ල හූල්ල, එකතැන පල් වෙන එක තමයි උරුම වෙන්නේ. අපරාධ කාරයෝ හැමපැත්තෙම ඉන්නවා. මං මේ කිව්වේ පොදුවේ දකින්න තියෙන දේ.

:       0       3

saradiyelWednesday, 19 February 2020 08:53 AM

බෑනේ හලෝ එතකොට මක්කම යන්න සහන දෙන්නේ නෑනේ.

:       0       0

jagath Wednesday, 19 February 2020 04:14 AM

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ අය අල්ලනවා වෙනුවට තව ප්‍රාදේශීය සභා කලින් බලේ ඉන්දෙද්දී මහින්ද මුස්ලිම් ඡන්ද වෙනුවෙන් විල්පත්තුව දුන්නා. දැන් ලංකාවේ පුංචි අරාබිය ගැසට් කරලම දීලා. ලංකාව විකුණුවේ රනිල් නෙමෙයි මහින්ද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site