(එච් එම්.ධර්මපාල)
තවුහිත් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් බව කියන සංයුක්ත තැටි කිහිපයක් ළඟ තබා ගත්තේයැයි සැකපිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නාවික හමුදාවෙන් වෛද්‍යවරයාගේ වාහනය පරීක්ෂා කරද්දී මෙම සංයුක්ත තැටි කිහිපය සොයාගෙන ඇතැයි ද, ඉන් එක් සංයුක්ත තැටියක් පරීක්ෂා කරද්දි එහි තව්හිත් ජමාත් සංවිධානයේ දේශන තිබුණේයැයි ද , ඉන් පසු වෛද්‍යවරයා නැවතී සිටි ස්ථානය පරීක්ෂා කිරීමට නාවික හමුදාව හා එක්ව කටයුතු කරමින් යන බව ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවසුවේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණත් වැඩි යමක් තමන්ට නිල වශයෙන් දැනුම් දී නැති බවයි.
වෛද්‍යවරයා ළඟ තිබුණු සෙසු සංයුක්ත තැටිද පරීක්ෂා කරගෙන යන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් දොස්තරලා දන්නේ ගිරව් වගේ ලෙඩේට බෙහෙත් දෙන්න විතරයි හොඳ අය ඉන්නවා ඒක වෙනමයි. නැත්නම් මෙච්චර පරීක්ෂා කරත්දී මේක වැරදි බව දැනගෙන ඇයි ළග තියාගෙන හිටියේ චන්ඩි කමටද ?