IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක්

(හේමලතා ඞී හේවගේ)                                              

එදා වැලි පිල්ලේ,ගල්ලෑල්ලේ ඊට පස්සේ කළුලෑල්ලේ ඊටත් පස්සේ වයිඩ්බෝඩ් දැන් පංති කාමරවලට ඇවිල්ලා තියෙන්නේ ඩිජිටල් බෝඩ් තව මාසයක් දෙකක් යනකොට ටැබ් පරිගණක සිසුන්ට ලබාදෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මෙලෙස පැවසූවේ ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් හෙන්ඩියගල ශ්‍රී රතන ජෝති මහා විද්‍යලයේ රුපියල් ලක්ෂ පන්සීයයකට මුදලක් වැයකර ඉදිකළ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල , ප‍්‍රාථමික ඉගෙණුම් මධ්‍යස්ථානය ඇතුළු ද්විතීය කණිෂ්ඨ විද්‍යාගාරය අද (19) සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.

ජාතික පාසල්වල සිටින උසස් පෙළ කරන සියලුම පාසල් දරුවන් ඇතුළු ගුරුවරුන් ලක්ෂයකට පමණ මුල් අදියරේ ටැබ් පරිගණක ලබා දෙනවා. මේ දවස්වල ඒ වැඩ ටික සිදු කෙරෙනවා.

තව මාසයකින් පමණ මේ රටේ ඉන්න  උසස් පෙළ කරන දරුවන්ට හා උසස් පෙළ උගන්වන  ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදෙනවා. ටැබ් පරිගණකය කියන්නේ අද මේ ඉන්න ගුරුභවතුන්ට අමතරව ඉන්න ඩිජිටල් ගුරුවරයා.

ඩිජිටල් ගුරුවරයෙක් අපි ඇති කරලා තියෙනවා.ඒ ඩිජිටල් ගුරුවරයා වැඩිකල් යන්න ඉස්සෙල්ලා පාසල් වලට ලබාදෙන්න අපි සැලසුම් කරලා තියනවා.



අදහස් (19)

සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක්

sirimal Friday, 19 July 2019 01:13 PM

ඊට කලින් ළමයින්ට ඉගෙනගන්න සුදුසු ගොඩනැඟිල්ලක් වත් නැති පාසල් ගැන හොයලා බැලුවොත් නරකද?

:       291       577

wijayaFriday, 19 July 2019 01:57 PM

ඉගෙන ගැනීමට අවස්ථාව සලසාදීම ගොඩනැගිලි, වැසිකිලි පහසුකම් වලට වඩා වටිනවා නේද ? අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා ..... කවිය දැන් අමතක වෙලා වගේ.

:       407       286

RaveendraFriday, 19 July 2019 01:59 PM

හා හා .. සිරිමල් ළමය මක්කෙයි මේ දොඩවන්නේ ..??? අපේ රටේ එහෙම පාසල් බේතකටවත් සොයා ගැනීමට නැහැ නිකං අකිල උන්නැහේව කේන්ති ගස්සන්න එපා පව් අහිංසකය....

:       101       237

tdFriday, 19 July 2019 06:23 PM

ඩිජිටල් බෝඩ්, ටැබ් පරිගණක සිසුන්ට ලබාදීම ඉතාම වටිනා කාලෝචිත දෙයකි. දියුණුවන ලෝකයාත් සමග අප ඉදිරියට යාමට පරිගණක දැනුම අත්‍යාවශ්‍යයි..

:       233       103

චමින්දSaturday, 20 July 2019 01:20 AM

පසුගිය දිනක කෙනෙක් කියපු දෙයක් කියා අදහස් දක්වමි.තොරතුරු කිවූ කෙනා විශ්ව විද්‍යාල සිසුවෙක්.ඔහු පෙනීසිටි පරීක්ෂණයටම යාපනයේ පිරිසක්ද පැමිණ සිටියාලු. ඔවුන් දන්නේ දෙමළ භාෂාව පමණලු. ආරක්ෂක අංශවල අයත් දේශක පිරිසට හැකියාව තිබුනේ සිංහල කථා කිරීමට හැකියාවත් ඉංග්‍රීසි සාමාන්‍ය දැනීමත් පමණලු. තොරතුරු කියූ කෙනාට හිතුනලු අපිත් දෙමළ හා ඉංග්‍රීසි හරියට ඉගෙන ගත්තානම් මෙවැනි අසාධාරණ වෙන්නේ නැහැ නේද කියලා. එනිසා මම කියන්නේ ජාතික පාසැල් වලට ටැබ් පරිඝණක දෙන අතර පළාත් පාසැල්වලටවත් හොඳින් පුහුණුකල එම භාෂාවන් කථාකල හැකි දෙමළ භාෂා හා ඉංග්‍රීසි ගුරුවරුන් ලබාදෙන්න කියලයි එයින් රටේ පවතින ජාතික ගැටුළුද විසඳිය හැකිවේවි. ඒ වාගේම සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් ත්‍රිභාශා අනිවාර්යය කලොත් හොඳායි. අත්දැකීම් අනුව උසස් පෙළ විභාගයේ ව්‍යාපෘති කිරීම කරන්නේ කිසිම තේරුමක් නැතිව ඒ වෙනුවට මෙය ව්‍යාපෘතියක් ලෙස කිරීම සුදුසුයි කියල හිතෙනවා.

:       0       0

td Friday, 19 July 2019 01:53 PM

සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක් ? ලෝකයේ දියුණු රටවල නොමැති ගොඩනැගිලි විවෘත කිරීම් සමරු පලක, තම තමුන්ගේ නම් ලියා තිබෙනවද කියා හොඳ පරීක්ෂා කලත් මේ සියල්ල සිදුවන්නේ මහජනත්වගේ මුදලින් නිසා මින්පසු ඔය නම් ලියාතිබෙන පුවරුවේ " මහජනත්වගේ බදු මුදල් වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකර මහා ජනතාවවෙත ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා ලබා දෙනලදී " කියා ලියා තබන්න. එවිට මහජතාව මිටවඩා ඔබසැමට ගරු කරාවි.

:       0       560

RaveendraFriday, 19 July 2019 02:40 PM

සහතික ඇත්ත, මෙවන් "ගොන් පාට්" වැඩිපුරම තිබෙන්නේ අපරටේ වීම හරිම අවාසනාවකි. ඔබගේ මෙම අදහස් රිලව් 225න් එක රිලවෙකුට හෝ කියවීමට හැකි වේවා...!!! තවද ඔබ අප කිසිදා දැක තිබේද පොදු වැසිකිලි විවෘත කිරීමට මෙම රිලව් එකෙක් හෝ පසුගිය අවුරුදු 60, 70 වටම? මූලික අරමුණ තම තමන්ගේ මූසල නම් ගම් ප්‍රසිද්ධ කරගැනීම නොවේද? කාලකන්නි හැත්ත...

:       207       539

Nimal Friday, 19 July 2019 02:31 PM

ටැබ්, ඒ එක්කම ඩිජිටල් ගුරුවරු එනකොට එංගලන්තේ කුණුත් ඇවිල්ලා. අපිට දැන් මොනවයින්ද අඩු!

:       0       314

chandima Friday, 19 July 2019 04:45 PM

එතකොට ජාතික පාසල්වලට නොයන ළමයින්ට වෙන්නේ ඒ ජාතික පාසල්වලට යන ළමයි ඩිජිටල් ක්‍රමයට ඉගෙන ගනිද්දී ගස් යටට වෙලා ඉන්නද? ඔන්න ඔහොමයි ගමේ ඡන්ද ගන්න යන්නේ? බයවෙන්න දෙයක් නැහැ... ගම සජිත් එක්කල‍ා කියනවනේ..?

:       337       379

sugath premalal Saturday, 20 July 2019 04:48 AM

අකිල, යම් කිසි දෙයක් කරන්න පෙර ඒ ගැන හොද සමික්ෂණයක් කරන්න. ලංකාව කියන රට කොතනද ඉන්නේ කියල හොදින් අවබෝද කරගන්න. කොළඹ නුවර වැනි සිමිත පළාත් කිහිපයක හැර අනිකුත් ගොඩක් පාසල් වල ගොඩනැගිලි අබලන් තත්වයේ තියෙන්නේ, වැසිකිලි පහසුකම් නැහැ, විද්‍යාගාර, පුස්තකාල පහසුකම් නැහැ. ඒ වගේම ජලය, විදුලිය නැහැ.. ප්‍රථමයෙන් ඒ පහසුකම් හදන්න... ටැබ් එක පස්සේ දෙන්න.

:       0       0

මුණසිංහ Saturday, 20 July 2019 05:01 AM

දැන් කට්ටිය බලන් ඇති ටැබ් එක ගෙදර ගෙනියන්න....... පව්.

:       0       0

shan Saturday, 20 July 2019 05:07 AM

ඒ කියන්නේ රෝබෝවෙක්ද ? " අනිච්චේ දුක්කේ " ළමයිට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ යන්න වැසිකිලියක් නැහැ උගන්වන්න ගුරුවරු නැහැ..... දුෂ්කර පළාත්වල මුන් දරුවන් විදින්නේ අපාදුකක් මුන්ම මන්ද බුද්ධිකයෝ වගේ වැඩ කරනවා....... අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපලකයන් වීම රටේ අවාසනාවයි

:       0       0

shan Saturday, 20 July 2019 05:07 AM

ඒ කියන්නේ රොබෝවෙක්ද? "අනිච්චේ දුක්කේ" ළමයින්ට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ. යන්න වැසිකිළියක් නැහැ. උගන්වන්න ගුරුවරු නැහැ. දුෂ්කර පළාත්වල දරුවන් විදින්නේ අපදුකක්.. අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපාලකයින් වීම රටේ අවාසනාවයි.

:       0       53

shan Saturday, 20 July 2019 05:10 AM

ඒ කියන්නේ රෝබෝවෙක්ද? "අනිච්චේ දුක්ඛේ" ළමයින්ට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ. යන්න වැසිකිළියක් නැහැ. උගන්වන්න ගුරුවරු නැහැ. දුෂ්කර පළාත්වල දරුවන් විඳින්නේ අපාදුකක්.. මුන්ම මන්ද බුද්ධිකයන් වගේ වැඩ කරනවා. අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපාලකයින් වීම රටේ අවාසනාවයි..

:       0       42

අමර බන්දු Saturday, 20 July 2019 07:37 AM

විදුලිය නැති දා.. හා හා ආව් ආව් ආපි ඔන්න නිවාඩු කාලේ...

:       0       78

Kumara Saturday, 20 July 2019 08:55 AM

පාසල්වල වැසිකිළි ටිකයි, පිරිසිදු පානීය ජලය ලබලා දෙන්න, ගොඩනැගිලි අලුත්වැඩියා කරලා දෙන්න... නැගලා යන තවුසන්ඩ් ටෝක් එපා.

:       70       239

vernonSaturday, 20 July 2019 03:29 PM

එතකොට ඔයත් ඔයාගේ ගෙදර අලුත්වැඩියා කරලා ඉවර වෙලා, වැසිකිළිය ටොප් එකටම හදලා ඉවරවෙලා, නළ ජලයත් අරන් ඉවර වෙනකම් ළමයින්ට උගන්වන්නේ නැතිව ඉන්නවා නේද?

:       0       10

දිලුම් Saturday, 20 July 2019 11:37 AM

ඔය ලොකු කතා කියුවට ඔය මිනිහට ඕන ඌ යන්න කලින් කුට්ටිය විතරයි. ඔය ටැබ් වලට දාන්න තාම විෂය මාලා සංයුතියවත් හදාගෙන නෑ. ඕන කෙනෙක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් අහල දැන ගන්න. අපි ගොනුන කියල හිතාගෙන මුන් ඔක්කොම ළමයින්ගේ අනාගතේ අපිට පෙන්නල කොමිස් ගහනවා. ළමයි ටැබ් එක අරන් මෙනාද බලන්නේ. අනික එක ළමයෙකුට දෙන ටැබ් එක තව ළමයෙකුට පාවිච්චි කරන්න බෑ. ඒක දෙන ළමයගේ එහෙම නම් ඊලගට එන ළමයි කණ්ඩායමටත් ටැබ් දෙන්න ඊලග අවුරුද්දෙත් මේ වගේම බිලියන ගානක් වැය කල යුතු වෙනවා. අවුරුදු පත් එහෙම වැය කරන්න මේ නිදහස් අධ්‍යාපනේ දෙන රටේ සල්ලි තියනවද. ම්න හදන්නනේ වෙනම ගේමක් ගහන්න. අනික දැං ඔය ටැබ් කැඩුනාම හදන්නේ වයිෆයි වලට බිල් ගෙවන්නේ මේවයේ නඩත්තු කරන්නේ කව්ද? කිසිම සැලසුම්ක් නැති කොමිස් වැඩ මේවා. අවුරුදු ගානක් පරණ විෂය නිර්දේශ උගන්ව උගන්ව ළමයින් ටැබ්එක විතරක් දීල ළමයි ලෝකෙට යවන්න බෑ. උන්ට නූතන අධ්‍යාපන ක්‍රම යටතේ නවීන ලෝකය පිලිගත් අධ්‍යාපනයක් ලබලා දීලා ටැබ් දුන්නට අපි විරුද්ධ නෑ. ඒත් මේ කරන් වින්නැහියෙන් නම් යයි අපේ ළමයි හා අධ්‍යාපනේ නන්නත්තාරයි. නුඹලා මේ කරන පර වැඩවලට හොදක් වෙයි කායල හිතන්න පුළුවන්ද.

:       0       0

Gamarala Saturday, 20 July 2019 03:46 PM

අර වොක්ස්වැගන් කාර් කම්මල දැම්මා වගේද ඕකත්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 173 0

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 329 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 1248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
2025 ජනවාරි මස 16 506 4

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194


කෝටි තුනක කුඩු සමඟ කතක් ඇතුළු තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 16 540 2

කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති


අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්
2025 ජනවාරි මස 16 1372 3

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 275 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 567 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 314 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site