(බිඟුන් මේනක ගමගේ)
මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(19) පැවැසීය.
වර්ධනය වන සත්ත්ව ගහණය පාලනය කිරීමට ඝාතනය කිරීම යනු මානව කේන්ද්‍රීය චින්තනයේ ප්‍රතිඵලයක් යැයිද එය කිසිසේත් ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි ද ආචාර්ය කාරියවසම් මහතා පැවසීය.
සොබාදහමේ තුලිතතාව නැතිවීම නැති වීම මෙම ප්‍රශ්න වලට හේතුව යැයි කී හෙතෙම එය සිදුකරනු ලැබුවේ මිනිසුන් විසින්ම යයි චෝදනා කළේය.
ප්‍රශ්ණයට සැබෑ විසඳුම් සොයනු වෙනුවට ඔටුවන් අලින් හාවුන් ආදී වශයෙන් විවිධ සත්ව වර්ග සමූහ ලෙස ඝාතනය කිරීමට මේ නිසා පෙළඹී ඇතැයි ද එය ස්වභාව දහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයි ද ආචාර්ය කාරියවසම් මහතා චෝදනා කළේය.
මේ ආකාරයටම වගා හානිය වළක්වා ගැනීමට යැයි කියා මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළහොත් මීයන් හා සර්පයන්ගේ ගහණය වර්ධනය වනු ඇතැයිද නැවතත් එහි අනිටු විපාක මිනිසා කරාම පැමිණෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සොබාදහමේ තුලිතතාව ආරක්ෂා කිරීම සඳහා දිගුකාලීන පියවර ගතයුතු යැයි ද අලි මොණරුන් ඌරන් වැනි සතුන් තුවක්කු අතට ගෙන පාලනය කළ නොහැකි යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වගාවට වන හානි වලක්වා ගැනීම සඳහා මොනරුන් ඝාතනය කිරීමෙන් ප්‍රමාණාත්මක පාලනයක් කළ යුතු යැයි මහාචාර්ය සරත් කොටගම පසුගියදා ප්‍රකාශ කර තිබිණ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමූහ සත්ත්ව ඝාතන පාරාවළල්ලක් වේවි
upali Sunday, 19 January 2020 04:54 PM
ඇයි බූරුවනේ ඔය සතුන් අල්ලා සත්ව උද්‍යානයට දෙන්න.
ජොනී Sunday, 19 January 2020 05:15 PM
ඔවුන්ට කන්න දෙන්නේ කවුද? කියන්න නම් ලෙහෙසියි.
BamunuarachchiMonday, 20 January 2020 01:38 AM
මම ඇසූ හොඳම බූරු කතාව...
කපුරුහාමි Sunday, 19 January 2020 05:03 PM
සත්තු නම් මොකද, ඊට වඩා දඩමස් කන, කැලෑ කපන දේශපාලුවොත් ඉන්නේ...
සේනක Monday, 20 January 2020 02:11 AM
මනුෂ්‍යයාගේ ජිවිතයේ වටිනාකමක් දන්නේ නැති සත්තු කොහෙද තවත් සිව්පා සතෙකුගේ ජිවිතයේ වවටිනාකමක් දන්නේ නේද?.
පිටිගල මිලානෝ Sunday, 19 January 2020 10:55 PM
පාලනය කල යුතු වන්නේ සතුන් නොව මිනිසාය. මොනරාට අත නොතබනු...!
විජිත් Monday, 20 January 2020 01:05 AM
මොනරුන්ගේ ගහනය වැඩිවීමට ප්‍රධානම කරුණක් ලෙස සලකන්නේ වනයේ " නරි " ගහනය අඩුවීමක් ඇතිවී තිබීමයි. මොකද මොනරුන්ගේ බිත්තර නරින්ගේ රසවත් කෑමක්. දැන් මොනර බිත්තර කෑමට පැමිණෙන නරි අඩුවිමනිසා මොනරුන්ගේ ගහනය වැඩිවෙලා.
Jaya Monday, 20 January 2020 02:30 AM
කොහොමත් ඉතින් මේ කාලේ වැඩිපුරම තියෙන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ විසදුම් තමයි.
අනුර Monday, 20 January 2020 02:38 AM
අධි තාක්ෂණික උපකරණ මගින් කෘෂි බිම්වලින් සතුන් පළවා හැරීමේ ක්‍රම වලට යොමුවීමෙන් මේවාට පිළියම් සොයා ගමු.
Anura Monday, 20 January 2020 02:40 AM
අපේ තේ කර්මාන්තයත් කඩාවැටිලා තියන එකේ මොනරුන්වවත් වෙන රට වල් වලට අපනයනය කරන්න පටන ගනිමු.
රංජිත් ආරියරත්න Monday, 20 January 2020 02:49 AM
ලෝකයේ ස්වභාවික තුලිතතාවය සියළු අංශයන්ගෙන්ම ගිලිහීගොස් ඇත. මිනිස් ජනගහනයද ධාරිතාව ඉක්මවමින් පවතී. මින් ආහාර, භූමිය ජලය වාතය යන මූලික සාධක සඳහා තරගය වැඩිවේ. මේ නිසා මිනිසා විසින්ම උපත් පාලනය හඳුන්වා දී යම් දුරකට ස්වයං පාලනයක් සිදුකරමින් ඇත. මිනිසා ස්වභාවික පාලන ක්‍රමවලට එරෙහිව බෙහෙත්, අවි ආයුධ, විද්‍යාව දියුණු කිරීම මගින් මිනිසා භූ තලය මත වැජඹේ. මේ නිසා ඊට එරෙහි අනෙකුත් සාධක පාලනය කළයුතුව ඇත. රිලා ගහනය ද මෙලෙස පාලනය කළ යුතුය.
lalithm Monday, 20 January 2020 03:34 AM
ඔය පරිසරවේදියා අපේ පැත්තට එවන්න. අපි ඉන්නේ ගම්පහට කිට්ටු ඉඹුල්ගොඩ ප්‍රදේශයේ. ඉත්තෑ රංචුවක් අපේ මුළුමහත් වගාවල්ම විනාශ කරමින් ඉන්නවා. මෙත් වඩලා උන්ව අරගෙන යන්න. ඔය කොයි කෙරුමෙක්වත් රටේ කෘෂි ආර්ථිකයට වන සතුන්ගෙන් වෙන විනාශයට උත්තරයක් දෙන්නේ නැහැ. සුද්දන් හදපු නීති මීට වඩා රටේ කෘෂිකර්මයට උදව්කළා.
සේනක Monday, 20 January 2020 05:00 AM
මේ ගොල්ලෝ ඉන්නේ රටේ සම්පත් නැති කරන්න මිසක්, එ්වට පිළියමක් යොදලා පවත්වාගෙන යන්න නෙමෙයි. ඒකනේ සුද්දගේ කාලේ ඉඳන් මේ වෙනකම් රටේ වෙනසක් වෙලා නැත්තේ...
ramaniMonday, 20 January 2020 01:10 PM
ඔබ ඉත්තෑවාගේ ගමන් මග අහුරා ඇත. ඉත්තෑවාගේ මග සොයාගෙන එය විවුර්ත කරන්න. ඌ යනවා...
Amula Monday, 20 January 2020 04:03 AM
හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියන මේ ලෝකේ ඕකට තියෙන එකම විසඳුම සතුන් ඝාතනයද.?
shafeek Monday, 20 January 2020 04:30 AM
මොණරුන් මරන්නේ නැතුව වෙනයම් තාක්ෂණික ක්‍රමයක් නැද්ද වගාවන් ආරක්ෂා කරගන්න..?
ආනන්ද Monday, 20 January 2020 04:50 AM
සත්ව ගහනය පාලනය නොකළහොත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැක. එහෙයින්, 01. වඳුරන්ගෙන්, වල් ඌරන්ගෙන් ආදි සතුන්ගෙන් වන වගාහානි වැළැක්වීම සඳහා සියළුම ගොවියන්ට පතරොම් තුවක්කු නිකුත් කළ යුතුයි. 02. වන සත්ව ආඥාපණත වහාම සංශෝධනය කළ යුතුය. 03. වල් අලින්ගේ තර්ජනයන්ට ගොදුරු වී සිටින ගොවීන් ආරක්ෂා කරනු සඳහා වහාම අණපනත් සංශෝධනය කළ යුතුය. 04. මිනිසාට ඇවැසි ජලය රැකගැනීම ඕස්ට්‍රේලියාවේ ඔටු ඝාතන න්‍යාය සෑමරටක් විසින්ම ආදර්ශයට ගත යුතුයි.
lankaputhra Monday, 20 January 2020 04:52 AM
මෙයාව ඕස්ට්‍රේලියාවට යවමුද? ඒ පිළිබඳව කියාදෙන්න..
Champa Monday, 20 January 2020 05:11 AM
වහල් ආණ්ඩුව රිලව් මරන්න ගියා. මේ ආණ්ඩුව මොනරු මරන්න යනවා. දේශපාලකයින්ගේ මොළවල් වැඩකරන හැටි ගැන තව කවර කතාද?
Thilak Senasinghe Monday, 20 January 2020 05:21 AM
කුරීරු චින්තනයට ස්වභාවික යුක්තිය පරාජය කළ නොහැකිය..
Champa Monday, 20 January 2020 05:26 AM
කුරුල්ලෙක් හරි, සතෙක් හරි ඇවිල්ලා බඩගින්නට මොනවා හරි එළවලු චුට්ටක් කාලා ගියාම හරි අමාරුයි. හැබැයි දඹුල්ලේ, පිටකොටුවේ සහ වෙනත් විවිධ ස්ථානවල එළවළු සහ පලතුරු නරක් වෙලා.. සමහර විට විකුණා ගන්න බැරුව වීසිකරන ප්‍රමාණය බැලුවොත් අර අහිංසක සත්තු කන ප්‍රමාණය වගේ දහස් ගුණයක් අපතේ අරිනවා. අපි පොඩි කාලේ අපේ තාත්තා වත්තේ පලතුරු ගස්වල ගෙඩි කඩන කොට සත්තුන්ට කන්න කියලා කොටසක් ගස්වල ඉතුරු කරනවා. වරක ගෙඩි දෙකක් තිබුණොත් එකයි කඩන්න දෙන්නේ. අනිත් එක ගහේ ඉතුරු කරන්න කියනවා වඳුරන්ටයි, කුරුල්ලන්ටයි. ගස්ලබු ගහක වුණත් එහෙමයි. අද කාලේ වැඩිහිටියන් දන්නේ නැහැ සතුනුත්, ගහකොළත් මිනිසුනුත් තුන්ගොල්ලම එකම පරිසර පද්ධතියේ කොටස් කාරයින් කියලා...
nuwanMonday, 20 January 2020 05:59 AM
සහතික ඇත්ත... මම විතරක් කියන මහා ආත්මාර්ථකාමී සිතිවිල්ලෙන් පෝෂණය වුණු කෙනෙක් වර්තමාන මිනිහා කියන්නේ..
samarasekara - gampaha.Monday, 20 January 2020 01:16 PM
පිස්සු කතා නොකියා ඉන්න හලෝ... ඉස්සෙල්ලා අපි කන්න ඕනෑ. ඊට පස්සේ කුරුල්ලෝ නැත්නම් යකා හරි කාපුවා වේ. අනික මොනර මස් කියන්නේ මාර කෑමක් නේ. හොඳට මිරිස් දාලා හින්දලා ගත්තම කසිප්පු බෝතලයක් වුණත් බොන්න පුළුවනි. ගංජා සුරුට්ටුවකුත් තිබුණා නම් ඉස්තරම්...
සෙනෙවි Monday, 20 January 2020 05:47 AM
ඔය කුරුළු විශේෂඥයෙක් බව කියාගන්නා කොටගම සත්ව ඝාතකයෙක්. ඔහු මෙයට පෙරද වීරවිල යෝජනා කළ ගුවන්තොටුපොල අසල කුරුළු අභය භූමියේ කුරුල්ලන් වෙඩිතබා ඝාතනය කර කුරුළු පාලනයක් කළයුතු බව යෝජනා කළා.
Chandima Fonseka Monday, 20 January 2020 09:43 AM
මී මැසී නාදය පටිගත කර ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඇසීමට සැලැස්වීමෙන් කෙන්යාවේ නම් වන අලි පලවා හරිනවලු. ඒ ශබ්දයට අලි පළාතකවත් එන්නේ නැහැලු. මොකද ඔය සමහර ශබ්දවලට ඒ ඒ සත්ව වර්ග බය වෙනවලු. අපි ඉතින් හැමදාම අලි වැට ගගහ ඉන්නවා. ඔය ලොකු ලොකු මිනිස්සුන්ට බැරිවුණාට අපේ රටේ පාසල් සිසුවෙකුට කියන්න ඔය වගේ උපක්‍රමයක් හදන්න කියලා මොනරුන්ට... එකට දහයක් හදලා දේවි...
sampath Monday, 20 January 2020 11:29 AM
මොනරු ගෙවල්වල හදන්න අවසර දෙන්න... ජනතාව මොනරු ටික බලගනීවි.. ඔය ගොන්, තකතීරු වැඩේ කරන්න එපා. මොනර කියන්නේ අපේ රටට ස්වභාව දහමට අලංකාරයක් මොනර ගෙවල්වල ඇති කරන්න දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි.. ඔය කුරුල්ලෙකුට කන්න දෙන්න බැරිතරම් ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් දුප්පත් නැහැ.