IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමූහ මිනී වලෙහි කැනීම් තාවකාලිකව නවත්වයි

( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි  සිදු කල  කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවතා දැමූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අධිකරණයේ පවතින නඩු කටයුතු වෙනුවෙන් සහ  කැනීම් කටයුතු සිදු කරන අනෙකුත් නිලධාරීන්ගේ රාජාකාරි කටයුතු වෙනුවෙන් කැනීම් කටයුතු තාවකාලකව නවතා දැමීමට පියවර ගෙන ඇති අතර  නැවත කැනීම් කටයුතු නොවැම්බර් මස 27 වන දින ආරම්භ වේ.

මන්නාරම් සමූහ මිනීවලෙහි දින 105 ක් පුරාවට සිදු කරන ලද කැනීම් වලදී  මිනිස් සිරුරු ඇටසැකිලි 235ක් හමු වූ බවටත් ගොඩගත් සිරුරු 235න් සම්පූර්ණ සිරුරු කොටස් 229 කට අදාළ සිරුරු අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බව  වෛද්‍යවරයා පැවසුවේය.

එම සිරුරු 235න් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු 18 ක්  ඇත.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ලේ කඩා ඉවත් කිරීමෙන් පසු  මන්නාරම එමිල් නගර් ප්‍රදේශයට ගෙන ගිය  පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව මෙම  පරීක්ෂණ ආරම්භ කර ඇත.

 



අදහස් (1)

සමූහ මිනී වලෙහි කැනීම් තාවකාලිකව නවත්වයි

kamani Sunday, 18 November 2018 06:21 PM

ෆොන්සේකාගේ ගෙදර අල්මාරියේත් ඇට සැකිලි තියෙනවාලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 124 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site