(නිමන්ති රණසිංහ )
කෝවිඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද 26 නියෝග කළාය .
මින් ඉදිරියට වගකීම් විරහිත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසට සැකකරුට දැඩි ලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරිය ඔවු එලෙස ඇප මත මුදා හැරියාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් මෙම සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයෙ 25 රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 නොවැම්බර් මස 21
43
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
150
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේලට ඇප
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 June 2021 08:15 PM
කතාවක් තියෙනවා " දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග " කියා. අසේලගේ කාර්යය විය යුත්තේ තමාගේ හා තම ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට මුල්තැන දීමයි. ඔහු නිවැරදි දේ පැවසුවා නම්, ඔහුව රහස් පොලීසියට අත්අඩංගුවට ගන්නට බැහැ. රහස් පොලිසිය හෝ නීතියට පටහැනි දේ සිදුකළහොත්, ඔවුන්ට විරුද්ධව හෝ කටයුතු කිරීමට නීතියේ ප්‍රතිපාදන තිබෙනවා. මේ ලෙස අත්අඩංගුවට ගත්තේ ඔහු පැවසූ දේ අසත්‍යය නිසා බවයි පේන්නේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මෙවැනි සමාජ මාධ්‍යයකින් යමෙකුට පහර දෙන්නේ නම්, ආවේගශීලී නොවී, මුලින්ම තමන්ගේ ගැළවිල්ල ගැන හොඳින් සිතිය යුතුයි. තමන්ට දඬුවම් කිරීමට තවත් පාර්ශවයකට අවස්ථාව ලබාදී ලැජ්ජා වෙනවාට වඩා කලින් හොඳහැටි කල්පනා කොට කටයුතු කිරීම වැදගත්ය. සමාජ මාධ්‍යවල කටයුතු කරන අය ජනමාධ්‍ය විෂය පථය ගැන හැදෑරීම හා ඒ හා දැනීම ඇති උගතුන් ඇසුරු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. ඒත් සිදුනොවන්නේද එය බව පෙනේ. ජනමාධ්‍යය හා නීතිය පිළිබඳව කිසියම් දැනීමක් තියෙනවා නම් මේ ලෙස සමාජ මාධ්‍යවල කටයුතු සඳහා දේශපාලකයින්ට හෝ පොලීසියට මෙසේ මැදිහත් වීමට නොහැකිය. ඒ නිසා දේශපාලකයන් දණ ගැස්සවීමට අවශ්‍ය නම්, කළයුත්තේ ජනමාධ්‍ය හා නීතිය ගැන දැනුමෙන් පිරිපුන් වීමයි.
මුණසිංහ Sunday, 27 June 2021 08:11 AM
සමාජ මාධ්‍ය අවභාවිතා නොකළ යුතුයි. අසත්‍ය ප්‍රචාර, පුද්ගල අපහාස කිරීම් නවතා සමාජය තුළ ධනාත්මක වෙනසක් කිරීමට සියළු දෙනා එය භාවිතා කරන්න.