(සිතුම් චතුරංග)
අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත් වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සහ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයට බැණ වඳිමින් පවසා ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක මේ වන විට නිරත වන බවයි.
වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ලෙයි ජයවනිතා මහත්මිය තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදීමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් පැන නැගිණි.
අතුරුදන්වූවන්ගේ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සහ කළද එයට පොලිසිය අවසර ලබානොදුන් අතර එහිදී එම ස්ථානයේ දී දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගත්තේය.
අනතුරුව සාකච්ඡාව අවසන්කර පැමිණෙන නායකයින් වෙත මාර්ගයේ ඉඩ ලබාදීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත්තේය.
පොලිසිය අදාළ පිරිස ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් පසු දේශපාලන නායකයෝ නිල රථවලින් පිටත්ව ගියහ.





COMMENTS
හපොයි.. වෙච්ච දෙයක්..
දැක්කනේ දෙමළ ජනතාවගේ මහා ලොකු ගැලවුම්කරු ලෙස පෙනී සිටින සම්බන්ධන්ලාට දෙමළ ජනතාවම සෙරෙප්පුවෙන් ගහනවා .. කොයි ජාතියත් එකයි ඒවායේ නායකයින් කියන අයට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර, නැතුව ජනතාව ගැන කැක්කුමක් නොවේ.
යුරෝපයෙන් සංධානයේ සහ ඇමෙරිකානු කොඩි.., මේ කාරණාව අතර ඇති සම්බන්ධය කුමක්ද?
අර කොටි සංවිධානයට යටත් වෙලා ඔවුන්ගේ අත්අඩංගුවේ සිට අතුරුදහන් වෙච්ච පොලිස් නිලධාරියෝ 600 ගැන දැන් කවුරුත් කතා නැහැ
දෙමල ජනතාව බුද්ධිමත්... ආර්ථිකයෙන් දුප්පත් වුණත් බුද්ධිමත්.. විශේෂයෙන් දේශපාලනික අවබෝධය ඉහළයි. අන්ධ වහල්ලු අඩුයි. පෙනෙන ඇහෙනදේ තුළින් තමන්ගේම නිවැරදි අවබෝදයකට එන්න හැකියාව තියෙනවා. දේශපාලකයින් කියන ලෙසම සිතන්න බහුතරයක් ලැහැස්ති නැහැ. නමුත් දකුණේ සිංහල අපි අතර එම තත්වය නැත්තටම නැතිවෙලා. හැබැයි වැඩි හරියක් අදහන්නේ "කියනදේ ඇහෙන දේ විශ්වාස නොකොර තමන් ස්වාධීනව සිතන්න යැයි" දේශනා කර තිබෙන බුද්ධියට මුල්තැන දෙන දහමක්. හැබැයි ඒ දහම භාවිතා කරනවා තියා කිසි අදහසක් නැහැ. සාක්ෂරතාවය ඇති නූගත්, මෝඩ වහල්ලු. 71 වසරක මේ රටේ සැපයට හේතුව මෙම පක්ෂ දෙක ගෙනගිය දේශපාලනය... ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය. අද රටට අවශ්‍ය වන්නේ මෙතුවක් කල් නොතිබූ ප්‍රතිපත්තියයි. විකල්පය තෝරාගනිමු. පටුදේශපාලනය අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා විකල්පය සඳහා පළමු මනාපය දෙන්න.
මෙය අප සතුටු විය යුතු දෙයක් නොවේ. නැවත හිස එසවීමට දරන ත්‍රස්තවාදීන් හා බලන කළ කුමන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික අපේක්ෂකයෙකුට සහාය දැක්වීම ඡන්ද වර්ජනයට වඩා හොඳයි. දකුණේ වගේම මේ කෑ ගහන්නේ රාජ්‍ය නොවන සංවිධානවල අතකොලු බවට පත් කරගත් පිරිසක්... හොඳින් බලන්න සම්බන්ධන්ගේ නමවත් හරියට ලියා නැත...
හොඳ වැඩේ.. අහිංසක මිනිසුන්ට ගිනි දීලා ජාතිවාදය අවුස්සන පාහරයින්ට හොඳ පාඩමක් මේක... මේ අය හිතාගෙන ඉන්නේ මේ අයට මිනිස්සු කැමතියි කියලා..
අතුරුදහන්වූවන් ගැන කොච්චර කෑගැහුවත් වැඩක් වෙන්නේ නෑ. නැතිවුන මිනිස්සු වගේම මාධ්‍යවේදීන් කිසිම ආන්ඩුවකින් මෙතෙක් හොයාගෙන ඇත. ඒක නිසා බොරුවට එක එක එන්ජිඕ වල ලණු ගිලලා උත්ඝෝශන කරා උපවාස කරා කියා කිසිදෙයක් ලැබෙන්නේ නැත. හැබයි එන්ජිඕ එකේ මහත්තුරු මහත්මීන් නම් ඔය පින්තූර ටික පෙන්නලා සල්ලි ලස්සනට ගරයි..
කොළඹ ඔහොම දෙයක් උනා නම්... ගුටි කාලා, කඳුළු ගෑස් කාලා....
පොලිසියේ 600 ගැන කාගෙන් අහන්නද ? කරපු මහ කෙනා දැන් අපායේ ලෝ දියේ පීනනවා. අනික් අය ටික එයාව ඇපයට ඇරපු සෙට් එකට එකතු වෙලා සුර සැප විදිනවා. ඒ අයගෙන් අහන්න බෑ මොකෝ ඒ අය දැන් දේශප්‍රේමියෝ.
ඔය සම්බන්ධන්ලා, තොණ්ඩමන්ලා, හැමදාම කළේ බොරු කේවල් කරකර ආණ්ඩුවලින් වාසි ලබාගෙන තම සාක්කු පුරවාගන්න එක. මේ අයත් අර අපේ දකුණේ ඉන්න ඊනියා සමාජවාදී, ඊනියා දේශප්‍රේමීන් දේශපාලකයින් වගේම තමයි. මේ අය හැමදාම බලයේ ඉන්න ඕනේ නිසා, දෙමල මිනිස්සුන්ගේ දරිද්‍රතාවය නැති කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම වැනි දේවල් කරන්නේ නැහැ...