





කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය .
මල්වතු මහා විහාරයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර හිමියන් වෙත මහින්ද රාජපක්ෂ මහතා කඨින චීවරය පුජා කළේය.
මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
පිංකමෙහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.
( ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
මොන බොරු ශෝභනයක්ද මේ කරන්නේ? රටම අරාජික කරලා මේ ගොල්ලන්ට කන්න දුන්නම ඔක්කොම හරි කියලා හිතන්නේ...
පාලකයන්ට සැබවින්ම අාගමක් අැදහිය හැකිය. නමුත් එහි අාගමික දර්ශනය ක්‍රියාවට නැංවිය නොහැකිය. සුලු හරි වුවමනාවක් තිබුණන් දසරාජ ධර්ම, සප්ත අපරිහානි ධර්ම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළානම් අද අපේ ලංකාවට හෝ පාලකයන්ට මෙහෙම වන්නේ නැත. එසේනම් මේ පාලකයන් අාගමික ස්ථාන ගානේ යන්නේ කුමටද? මැකියාවලී නම් නූතන බල දේශපාලනයේ පියා රටේ පාලකයට උපදෙස් දෙනවා "ඔබ සැබවින්ම අාගමක් අැදහිය යුතු නැත නමුත් රටේ බහුතරයේ අාගම ඔබ අදහන බව පෙන්වීම ජනතාවගේ හදවත දිනා ගැනීමට හේතු වනු අැත." මේ අනුව යමින් ලංකාවේ පාලකයන් කී දෙනෙක් බෞද්ධාගම වැළඳගෙන තියනවද?
බෞද්ධයන් අනෙක් ආගමිකයන්ට හිරිහැර නොකලත් සමහරක් ආගමිකයන් එසේ කරන්නේ නැහැ කථානායකතුමා හොඳම බෞද්ධයෙක්. එතුමාගේ පුටුව ආගමකට නැතත් එහි ඉඳගෙන එය අපවිත්‍ර කලේ කවුද.?
තවත් එක නාටටයක් පමණි
මේක ආගමික වැඩසටහනක් මිසක් දේශපාලන එකක් නෙවෙයි.
Mr Cisco ඔයා දන්නේ නැති වුණාට මුළු ලෝකයම දන්නවා මෙයා පන්සල් අල්ලගෙන තමාගේ පව් සෝදාගන්න යන බව මිරිස්කුඩු ගෙනත් ගහලා දැන් කඨින පින්කමේ...
අහෝ මොවුන්ගේ ශ්‍රද්ධාව පාර්ලිමේන්තුව තුල දෝරෙ ගලා යවපු හැටි ...
ඔව්, මෙයා දැන් රහත් වෙන්න ළඟයි...
යූඒන්පී පාක්ෂිකයන්ගේ තරම ප්‍රතිචාර වලින් පෙනේ
'අගමැති' කියලා කියන්නේ.., දැන් හැමෝම නීති විරෝධී වැඩවලට සහය දෙනවද?
මහින්ද පාක්ෂිකයන්ගේ තරමත් ප්‍රතිචාර වලින් පෙනේ
මේ රටේ දේශපාලකයින්ගේ කකුල් ලෙවකන, දේශපාලකයින්ව හා රට විනාශ කරන බඩගෝස්තරවාදීන්ගෙන් අපේ පාලකයින්ව ගලවා ගතයුතුයි...