IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු

(ඩයනා උදයංගනී)

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ වෙනුර ගුණවර්ධන මහතාත්, ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාත් පත් කරනු ලැබ ඇත.

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආයතනයන් සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන්ට පත්වීම් ලිපි ලබාදීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් එම අමාත්‍යාංශයේ දී  අද (28) සිදු කෙරිණි.

මෙම ආයතනයන් වලින් අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට හිටපු සභාපතිවරයා අසමත් වීම හේතුවෙන් මෙම නව පත්වීම් සිදු කර තිබේ.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියකුද වේ.

ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.



අදහස් (7)

සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු

වයිමා Tuesday, 29 December 2020 01:57 AM

අපි කුඩාකාලයේ සතොස කියන්නේ සමූපකාර තොගවෙළඳ සංස්ථාවට කියා ඉගෙන ගත්තා. ඇත්තටම මේ දෙකින් කරන්නේ කුමක්ද? පෙර කාලයේ එකම ආයතනයක් නම් දැන් දෙකක් කලේ හිතවතුනට පත්වීම් දෙන්නද කරුණාකර සතොස කියන වචනවල තේරුම කියා දෙනවද?

:       0       0

chandima Tuesday, 29 December 2020 02:43 AM

මෙ වගේ තැන්වල ඉන්නේ ඇට්ට කුණා වෙච්චි මීයන් තමයි. මී කතුරු මාරු කළාට උන්ව අහුවෙන්නේ නැහැ.

:       1       5

pradeepa Tuesday, 29 December 2020 07:56 AM

බඩු මිල අඩුවෙයිද? දැන් හාල් 140, පොල් 120, අල 300 , අනේ මන්දා... අවුරුදු 2560කට පස්සේ මෙතරම් බඩුමිල ඉහළ ගිය අගයක් මතක නැහැ.. මමත් ලක්ෂ 69 බයියෙක්නේ...

:       2       6

සේදරTuesday, 29 December 2020 08:24 AM

ඒත් අමතක කරන්න එපා... අපිට අද නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙනවා. කවුරුවත් ලංකාවට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. කොස් ගෙඩියක් තම්බගෙන කාල හරි රට රැකගමු. ඇමරිකාව එංගලන්තෙ දියුණු වුණාට ඒ මිනිස්සුන්ට අසහනය වැඩියි. ඒ අතින් අපි වාසනාවන්තයි..

:       12       5

දියළකඩTuesday, 29 December 2020 11:07 AM

බොරු මත එපා අපේ රටේ මිනිස්සුන්ට වඩා ඒ රටේ මිනිස්සුන්ගේ අසහනය වැඩි බව තහවුරු කරන්න තිබෙන සාධක මොනවද? අනෙක රටේ හැම මරමස්ථානයක්ම තමන් නතු කර ගෙන ඇති බැවින් මේ රටට ඇඟිලි ගැසීමේ වුවමනාවක් ඔහුන්ට අද නැත.. නිවට අදහස් ඇත්තන් සිටින මගේ මව්බිම මෙපමණකින් හෝ ඉතිරි වී තිබීම පුදුමයකි.

:       1       8

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 29 December 2020 08:24 AM

සමූපකාර තොග වෙළඳ සංස්ථාවට හා සතොසට නව සභාපතිවරු සමූපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) නොවයිද එකම ආයතනයකට සබාපතිවරු දෙදෙනෙක්ද?

:       2       55

පියල් කිත්සිරි මොණරාගල,සියඹලාණ්ඩුව Tuesday, 09 February 2021 05:00 PM

ගරු ඇමතිතුමනි, ගරු සභාපතිතුමනි, මම දැනට සතොස ආරක්ෂක සහා පොදු පුද්ගලික සමාගමේ ලංකා සතොස සියඹලාණ්ඩුව අළෙවිසැලේ අවුරුදු 06 කට ආසන්න කාලයක් සේවය කරමි. නමුත් එන්න එන්නම පවතින බඩුමිල ඉහළයෑම හේතූවෙන් මා පමණක් නොව අපගේ අනෙකුත් ආරක්ෂක නිලධාරින්ටද මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව ඇත. ප්‍රශ්නය කුමක්ද නම් අපගේ මාසික වේතනය මදිකමයි. රු26000ක් පමණ වන මෙම වේතනය අඩුම රු35000ක් ඊට වැඩි ප්‍රමාණයකින් ලබාදෙන මෙන් ඔබතුමන්ලා දෙපලගෙන් ඉතා ඕනෑකමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1090 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1112 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 421 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site