(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ .
රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැත්වෙන එම විශේෂ කැබිනට් රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දිනයේ දී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන බව කැබිනට් ලේකම්වරයා අමාත්‍ය මණ්ඩලයට අද (05) රාත්‍රියේ දැනුම් දී තිබිණි .
කැබිනට් මණ්ඩලය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුම් තාක්ෂණය ඔස්සේ අද රාත්‍රියේ පැවැත්වූ නමුත් ජනාධිපතිවරයා ඊට සහභාගී වී නැත.
ඒ අනුව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ . සිමෙන්ති ,කිරිපිටි සහ ගෑස් මිල ගණන් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කර ඇති යෝජනාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ නමුත්, ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී නොමැති බවද දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට හාල් මිලට කරා වගේ සිමෙන්ති ගෑස් මිලත් මිලත් මුදලාලිලාටම තීරණය කරන්න ඉඩ දීලා නිහඩව ඉඳීවි.
නියත වශයෙන්ම මෙය වාර්තාගත මිල වැඩි කිරීමක් වෙයි .අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙතරම් හිඟව පවතිද්දී මිල ඉහල දැමීම් හැර විකල්පයක් නැති බව හැඟෙද්දී තීරණයක් ගැනීමට රජය උත්සුක නොවෙන්නේ මන්ද ?කිරි පිටි හිඟය නිසා පීඩා විඳින්නේ කුඩා දරුවන් .මෙයින් පෙන්නුම් කරන්නේ මේ රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තියයි
රිවස් කරන ගැසට් එකක් ගහන්න වෙන්න ඇති එහෙනං .
මේ කට්ටියටම බාලගිරි දෝෂය.
කැබිනට් මීටින්, ගැසට් ගැසීම් සහ ගැසට් රිවස් කිරීම් මගීන් රට දියුනු කල නොහැක. ඒවා පැලැස්තර පමනි. ඔබ බලයට පැමිනිදා සිට කරන්නේ පැලස්තර ඇලවීමයි. අඩුම තරමින් ඉම් රාන් ඛාන් වගේ වත් නායකයෙක් පක්ශ භේදයකින් තොරව අපි තෝරාගත යුතුය. නැත්නම් වන්නේ ත්‍රස්ථවාදීන්ගෙන් ගැලවුනු රට මන්කොල්ලකාරයින් අතට සදාකාලිකව පත්වීමයි.
ඔක්කොම දැන්ම වැඩි කරලා තියෙන්නේ පාන් පිටිත් ගාන වැඩි...
ශ්‍රිලංකාවේ ගමන් මගේ ඉන්දියාවේ පැසසුම් .බයියෝ ෆෝම් වෙලා