(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත.
මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මහතා පවසයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමනේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී වු අතර එබැවින් මන්තී‍්‍රවරයාට ලබාදී ඇති විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.
මීට ටික කලකට ඉහත දී සුමන්තිරන් මන්තී‍්‍රවරයාට මරණ තර්ජන ඇති බවට හෙළිදරව් වු අතර ඒ හේතුවෙන් මෙලෙස ඔහුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබා දී තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.