බිඟුන් මේනක ගමගේ
සමෘද්ධි විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබ නේවාසික පුහුණුවක් ද ලබාදීමෙන් පසු එම අවස්ථාව අහිමි වූ සිසු සිසුවියන් 21 දෙනාට දේශීය වශයෙන් අධ්‍යාපනික අවස්ථාවක් ප්‍රදානය කරන බවට රජය පොරොන්දු වී මාස පහකට අධික කාලයක් ගෙවී ඇතත් එය ඉටු නොවී යැයි එම සිසු සිසුවියෝ පවසති.
දිවි නැඟුම දෙපාර්තමේන්තුව සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සදහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත් පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් දරුවන් 25 දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති නමුත් එයින් අවස්ථාව ලබා දී ඇත්තේ හතර දෙනෙකුට පමණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ ලිපියකින් කරුණු හෙළි කළ පසු එම පිරිසට දේශීය වශයෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට එවකට සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතා පොරොන්දු විය.
එහෙත් පොරොන්දු වූ පරිදි අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය හෝ ඒ ගැන කිසිදු දැනුවත්කිරීමක් සිදු නොවී යැයි ද සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය මගින් ආණ්ඩුවේ බලධාරින් දැනුවත් කිරීමට නැවතත් කටයුතු කරන්නේ යැයි ද එම සිසු සිසුවියෝ පැවසූහ.
අඩු අදායම් පවුල් වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණේ යැයි ද මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව 21 නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන්වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල නිරතව සිටි තමන් දැඩි අසරණභාවයකට පත්ව සිටිතැයි ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි ශිෂ්‍යත්ව පොල්ලට තාම විසඳුමක් නෑ