IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි නිලධාරීන් 7000 කට පත්වීම් 30 වැනි දා

මුදිතා දයානන්ද 
          
වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  අද  (27) පැවසීය.

බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.

සමෘද්ධි අධිකාරිය යටතේ  දහස් ගණනක් සේවය කළ නමුත් ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබීම පිළිබඳව සාකච්ඡා කර එය දිවිනැගුම නමින් දෙපාර්තමේන්තුවක් බවට පත්කළ බවද ඒ අනුව සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කළ නිලධාරින්ගේ සේවය ස්ථිර කර හෝ අලූත් පත්විම් ලෙස ලිපි ලබාදිය යුතුව තිබුණත් ආණ්ඩුව පෙරළීම නිසා එය කළ නොහැකි වු බවද  අබේවර්ධන මහතා පැවසීය.

2015 බලයට පත්වූ ආණ්ඩුවෙන් එම පත්වීම් ලිපි ලබාදිය යුතුව තිබුණ ද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මඟහැරිය බවද ඒ නිසා සේවකයින් දවස් ගණනක් තමන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකට පත්ව සිටි බවද ඔහු පැවසීය. 

වසර තුනක් තිස්සේ එලෙස පමා කරමින් සිටි පත්විම් ලබාදීමේ කාර්යය නව ආණ්ඩුව බලයට පත්වී මාසයක් වැනි කාලයක් තුළ ඉටු කිරිමට නව ඇමැති විමල් වීරවංශ මහතා කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වන බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

සමෘද්ධි නිලධාරීන් 7000 කට පත්වීම් 30 වැනි දා

වසන්ත Tuesday, 27 November 2018 09:30 AM

වැඩි කාලයක් ඇමති වෙලා හිටියේ එස්.බී. බව අමතකද ? ජාතික ආණ්ඩුවක් කියලා හදාගෙන ඇමතිකම් අරගෙන සියළු වරප්‍රසාද භුක්ති විදලා අද ගිය ආණ්ඩුව කාලේ කියලා මිනිස්සු රවටන්න එපා. මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ.

:       0       64

sirimal Tuesday, 27 November 2018 10:14 AM

අපි දැක්කා මැතිවරණ රැස්වීම් වලට සෙනඟ එකතු කරගන්න සමෘද්ධි නිලධාරීන් ගමේ මිනිස්සුන්ගේ නම් ලැයිස්තු අතේ තියාගෙන ලංගම බස් වලට කට්ටිය පටවපු අකාරය. එහෙම කරලත් මැතිවරණ දෙකකින්ම පරාජය වෙච්ච එකේ තව 7000 ක් අරගෙන දිනන්න වෙන්න ඇති උතසාහ කරන්නේ.

:       8       143

දිමුත් Tuesday, 27 November 2018 10:56 AM

ඡන්දවලට එන සෙනඟ වැඩි කරගන්න වෙන්නැති.

:       0       0

චමින්ද Wednesday, 28 November 2018 12:28 AM

වසන්ත හා සිරිමල් කියපුදේ හරි. සමෘද්ධිය කියන්නේ දියුණුව හා සංවර්ධනයට. 1994 සිට අවුරුදු 24 ක් සමෘද්ධිය කලානේ එයින් මේ රටට සිදුවුනේ සමෘද්ධි නියාමක/නියාමිකාවන්ගෙන ඉතාම ටික දෙනෙකුගේ දියුණුව පමනයි. රජය 1994 සිට වැයකල බිලියන ගණනක මුදලට සාපේක්ෂව ලැබුණු ප්‍රතිලාභයක් නැහැනේ. සිදුකලේ මැතිවරණ අවස්ථාවල මැතිවරණ වැඩට මිනිස්සු ගෙනයාම පමණයි. ජනමතයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින්ගසා පාලනය කරනවිට පත්වීම් කිරීමට බලයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site