(සුජිත් හේවාජුලිගේ)

සමාජයේ කෙතරම් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් සිටින්නේ දැයි කිව නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මේ අතර කැස්බෑවේ ඇඟලුම් කම්හලකින් හමුවූ ඩෙල්ටා ආසාදනයවූ බවට සැක කෙරෙන පස් දෙනාට එය ස්ථිරයෙන්ම ආසාදනයවී ඇති බවට තහවුරුවීමේ ප්‍රවණතාවය වැඩි යැයිද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාන අනුක්‍රමණ පරීක්ෂණ වැඩි වශයෙන් කරන්නේ කොළඹ ප්‍රදේශයේ සාම්පල ඇසුරු කරගෙන බවත් ඒ පරීක්ෂණද සාම්පල අහඹු ලෙස තෝරා ගෙන කරන ඒවා බවත් ජීවන්දර මහතා පැවසුවේය.

ජාන විශ්ලේෂණ පරීක්ෂණ අධික වියදම් සහිත බැවින් ඒවා ආවාට ගියාට කළ නොහැකි බවද ජනතාවසෞඛ්‍ය නීති පිළිපදිමින් දැඩි පරිස්සම්කාරී ලෙස මේ මොහොතේදී කටයුතු කිරීම ඉතාම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.