අජන්ත කුමාර අගලකඩ
අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමද මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමද මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගනු ලැබ ඇත.
මේ අතර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නව සමගි ජනබලවේගය යනුවෙන් වෙනස් කිරිම ද මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගෙන තිබේ.
මේ බව මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම්වරයා වෙත ඉකුත් 6 වැනිදා ලිපියකින් දැනුම් දී ඇත.
අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද වශයෙන් තනතුරු වෙනස් කිරිමට අපේ ජාතික සභාව ගෙන ඇති තීරණය පිළිගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඉකුත් 2 වැනිදා මැතිවරණ කොමිසන් සභාවට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව අදාළ තනතුරු වෙනස සහ පක්ෂයේ නව සමගි ජනබලවේගය යනුවෙන් වෙනස් කිරිම මැතිවරණ කොමිසන් සභාව විසින් පිළිගනු ලැබ ඇත.
අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස සේනක ද සිල්වා මහතාද ලේකම් ලෙස, හිටපු පළාත් සභා මන්ත්‍රීන් ඩයනා ගමගේ මහත්මිය ද මීට පෙර කටයුතු කළහ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට ඉකුත් දා පක්ෂය ගත් තීන්දුව එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්විය.
නව සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරිමට එජාප මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට ඊයේ (10) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
එහෙත් නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ද ඉවත්ව ගියේය.
COMMENTS
සජිත් පුතා බය නොවන්න. පරදින හැටි මම පෙන්වෙමි.
හොද පියවරක්... දිනන්න බැරි උනත් රනිල්ගේ යුඑන්පී එකට වඩා මන්ත්‍රිදූර ගණනක් ගන්න නම් පුළුවන් වේවි.
දැන් සමගියෙන් දිනාවි. බලමුකෝ.
ගෝඨා ජනපති, සජිත් අගමැති රටට දැයට සැමට යහපති !
දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුට ජනාධිපතිකම දුන්නා වගේම අගමැතිකමත් මින් පස්සේ දෙන්නේ දරුවෝ ඉන්න තාත්තා කෙනෙකුටම තමා. නැත්නම් මේ අය අනාගතය ගැන හිතලා තීරණ ගන්නේ නෑ.
එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ ඉතිහාසය තුළ " අලියා " ලකුණ සහ "පක්ෂයේ නම" ප්‍රතික්ෂේප කළ පළමුවන නායකයා හැටියට මොහු ඉතිහාස ගතවෙනු නොඅනුමානයි.
සමගි ජන බලවේගයේ තව ඉහළ තනතුරු හදලා ඔහෙලාම බෙදා ගන්න. අපිට මොකෝ. අපේ දිගින්ද හරහින්ද ?
මේ සමගි ජනබලවේගයක්ද නැතිනම් අසමගිද නැතිනම් චන්ඩි ජනබලවේගයක්ද?
ලැවොයිසියර්, ගෝඨාගේ නම දාලා ගොඩ යන්ද හදන්නේ.