(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම හෙට (19) නාමයෝජනා භාර දෙන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.
ඇතුලුකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේදී නාමයෝජනා අත්සන් තැබිමේ කටයුතු ඊයේ සහ පෙරේදා දිනවලදී සිදුකර අවසන් කළ බවද ඔහු සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවට ඇතුල්කෝට්ටේ පිහිටි එම කාර්යාලයේදී අද (18) අත්සන් තැබීය.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු යන මහත්රුන් ඇතුළු පිරිසක් සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තුව සඳහා ඇතුලත් කර තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් නාමයෝජනා බාරදීමේ කටයුතු ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව සිදුකරන බවද අත්තනායක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස හිටියොත් පරාදයි.
හරින් හරියට වගකීමෙන් වැඩ කරානම් අද පාස්කු ජීවිත නැති වෙන්නේ නැහැනේ. මේ සැරේ ඡන්දෙට යන්න බයවෙලා හොරෙන් ජාතික ලිසිට් එකෙන් එන්නේ...
සුබ පැතුම්..!!!
ආණ්ඩුවට 2\3 දෙන්න එපා. අපි විපක්ෂය ශක්තිමත් කරමු..
මහබැංකු හොරු ටික අලියා එක්ක...
අනේ පුලුවන්නම් ලෝකෙටම දෙන්න.. එතකොට ලෝකෙට පෙනෙයි ඔහෙලා පරදින හැටි...
මේ උන්නැහේගේ මුණ දැම්මොත් අත උඩින් තමයි... මේ පාර එල එල...
බලාගෙන හදන්න..., කොහොමත් ඉතින් පුස්....
ජාතික ලැයිස්තුවෙන් ඔබලාට ලැබෙන්නේ දෙකක් හෝ තුනක් පමණි එතකොට බලමු වීදි සටන්