IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සමාගමක පරිගණක පද්ධතියට රිංගූ සිසුවෙකු අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)
 

පරිගණක පද්ධතියකට රහසිගතව ඇතුළු වී පැය පහක් තුළ එක්කෝටි  අනූතුන් ලක්ෂයක පාඩුවක්  සිදුකරමින් එම සමාගමේ අයිතිකරුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලූ තොරතුරු  තාක්ෂණවේදය  හදාරණ විශ්වවිද්‍යාල සිසුවෙකු අද  (29) අත්අඩංගුවට ගත් බව  ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි.

ජාත්‍යන්තර මට්ටමේ ශාඛා කිහිපයක් පවත්වාගෙන යමින් ත්‍රිකුණාමලය මූලස්ථානය  කරගනිමින්  පරිගණක මෘදුකාංග සපයන  සමාගමක පරිගනක පද්ධතියක් මෙලෙස ඇතුළු වී තිබේ.‍

මෙම පරිගණක පද්ධතියට ඇතුළුවීම තුළින් බ්‍රිතාන්‍ය , ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ පිහිටි සමාගම් 36කට එල්ල වූ  බලපෑමෙන්  මෙම අලාභය  සිදුවී ඇතැයි එම මෘදුකාංග  සමාගමේ අයිතිකරු වන බාලකුමාරන්  මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ  සඳහන් වේ.

මෙම පරිගණක අපරාධයේ ප්‍රධාන සැකකරු  අ.පො.ස උසස් පෙළ විභාගයට තොරතුරු තාක්ෂණවේදය විෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වී දැනට  විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය  හදාරනු ලබයි.

සැකකරුගේ  වැඩිමහල් සහෝදරයා එම සමාගමේ සේවය කරන අතර  ඔහු විසින් පරිගණක පද්ධතියේ  රහස්‍ය වචනය  බාල සහෝදරයාට ලබාදී  ඇති අතර ලැප්ටොප්  පරිගණකයක් භාවිතා කරමින් අන්තර්ජාලයේ සැරිසරමින් මෙම කටයුත්ත සිදුකර තිබේ.
 
 



අදහස් (12)

සමාගමක පරිගණක පද්ධතියට රිංගූ සිසුවෙකු අත්අඩංගුවට

Kamal Friday, 29 March 2019 08:19 AM

මෙවැන්නන්ට ඉගැන්වීමට වියදම් කල මහජන මුදල් අපරාදෙ.

:       33       116

Sunil gikiyanage Friday, 29 March 2019 08:25 AM

වදුරට දැලිපිහිය දුන්නම ඔහොම වෙනවා අයියාගේ රස්සාවත් නැති කරා.

:       3       40

sampath Friday, 29 March 2019 08:33 AM

මේක හදපු අයගෙන් වන්දි ඉල්ලන්න මේ ශිෂ්‍ය දක්ෂයෙක් පරිගණක පද්ද්දතිය ආරක්ෂා කිරීමට වගකීම තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එක හදපු අයට ඕනෙම හැකර් කෙනෙක්ට එන්න පුළුවන් ශිෂ්‍යයා ඔප්පු කරලා තියෙන්නේ මේකේ අනාරක්ෂිත බවයි.

:       113       97

SamithFriday, 29 March 2019 08:58 AM

මේක හැක් කිරීමක් නෙවෙයි වගේ.... අයියා මල්ලිට සමාගමේ පාස් වර්ඩ් එක දුන්නා කියලා තියෙන්නේ...

:       0       76

Mahee Friday, 29 March 2019 08:34 AM

රටේ සියලුම බැංකු ගිණුම් හිමියන් කල්පනාවට ගත යුතු දෙයක් මේක. අන්තර්ජාලයෙන් හරි සෙල් ෆෝන් එකෙන් හරි දවස ගානේ ගිණුම් ශේෂය පරීක්ෂා කර බලන්න. වෙනසක් දැක්ක හැටියේම බැංකුවට කතා කරන්න.

:       1       14

Sunil milano Friday, 29 March 2019 08:45 AM

මේවගේ අය සුමඟට අරගෙන ඔහුගේ බුද්ධියෙන් ප්‍රයෝජනයක් ගන්න.....

:       58       44

diasFriday, 29 March 2019 09:23 AM

මේ අය හොරු.... මේ අය යවන්ට තියෙන එකම තැන හිර ගෙදර.

:       1       34

VipulFriday, 29 March 2019 11:13 AM

පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්න ඕන ගොනෙකුට පුළුවන් මහත්තයෝ... ඔයාගේ බුද්ධිය ගැන තමයි ප්‍රශ්නේ....

:       1       19

මල්ලීSunday, 26 May 2019 02:21 AM

පාස්වර්ඩ් එකක් ටයිප් කළාට මදි කිව්වට ඒක හරහා එ්කේ සිස්ටම් එකේ රෑට එකට යන්න නිකන් හාල්පාරුවෙකුට බෑ... පාස්වර්ඩ් එක ඉල්ලගත්තා කිව්වට කව්ද දන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ගියාද කියලා.. අහපු ගමන් ඇත්ත කියන්න බූරුවෙක් වෙන්න විදියක් නැහැ.

:       0       0

lankasri Friday, 29 March 2019 09:29 AM

මේ වගේ අය යහමගට ගන්න හරි අමාරුයි. මේක සම්පූර්ණ වංචාවක්. අමාරුයි....

:       0       48

ලුම්බිණි Friday, 29 March 2019 09:31 AM

අ.පො.ස උසස් පෙළ විභාගයට තොරතුරු තාක්ෂණවේදය විෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථමයා උනාට රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලපු එකෙන් පෙනෙනවා අරමුණ මොකද්ද කියල.

:       0       37

vipula Friday, 29 March 2019 12:01 PM

වැඩිමහල් සොයුරා අත්අඩංගුවට අරගෙන දැඩි දඬුවම් දෙන්න ඕනේ. මුර පද අන්අයට ලබාදීම නීතිවිරෝධී වගේම සදාචාර විරෝධියි. සියලුම තාක්ෂණය තියන්නේ මිනිසුන්ගේ අතේ. නමුත් සම්මත නීති පිටුපා යාම මිනිසාගේ විනාශයට වල කැපීමකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site