IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සභාපතිවරුන් පත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

(තිළිණි ද සිල්වා)

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව පවතින අධිකාරි හතරක නව සභාපතිවරුන් පත් කිරිම අද (29) සිදු කිරීමට නියමිතව තිබුණද එය තවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය  හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයන් සඳහා සභාපතිවරුන් පත් කිරීම මෙලෙස අත්හිටුවා ඇතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

මෙම නව පත්කිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ  හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වීමට සංචාරක අමත්‍යාංශ මාධ්‍ය ඒකකය කටයුතු යොදා තිබූ අතර ඊට සහභාගී වූ මාධ්‍යවේදීන්ට දන්වා සිටියේ එය හදිසියේම කල් දැමූ බවය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු  සඳහන් කළේ මෙම නව පත්කිරීම් සිදුකිරීමට හා ඒ සම්බන්ධයෙන් අදාල සභාපතිවරුන් ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිතව තිබුණ ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පත් කිරීම් තාවකාලිකව කල්ගිය බවයි.

මෙහිදී වැඩිදුරටත් වාර්තා වූයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන කිෂූ ගෝමස් මහතාද , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් රන්ජිත් ද සිල්වා මහතා පත්කිරීමට නියමිතව තිබූ බව ශී ලංකා  සම්මේලන කාර්යාංශයේ සභාපතිවරයාව සිටි කුමාර් ද සිල්වා මහතා තවදුරටත් එම තනතුර සඳහා පත්වීමට නියමිතව සිට ඇති අතර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රධානියා වශයෙන් දිලිප් ද සිල්වා මහතා පත් කිරීමට නියමිතව තිබූ බවද සංචාරක අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපති ලෙස පත් කිරීමට නියමිතව සිටි මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ කිෂු ගෝමස් මහතා ගෙන් මෙම සිදුවීම ගැන ලංකාදීපය කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් වූ බවත් එම පත්වීම බාර ගැනීමට සංචාරක අමාත්‍යාංශය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට තමන් ගිය අවස්ථාවවේදී එම පත්කිරීම තාවකාලිකව අත්හිටුවූ බවට එහි නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවය.

හෝටල් හිමිකරුවන්ගේ සංගමය ඇතුළු සංචාරක කර්මන්තයේ ව්‍යවසායකයින් විසින් සංචාරක අමාත්‍යවරයා හරහා තමන්ට මෙම තනතුර බාර ගැනීමට ආරාධනා ලැබූ බවත් ඒ පිලිබඳ අමාත්‍යවරයා දැනුම්වත්ව සිටි බවද කිෂු ගෝමස් මහතා කීය.

රට වෙනුවෙන් සහ සංචාරක  ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තමන් මෙම තනතුර බාර ගැනීමට තීරණය කළ බවත් අදාළ පත්කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ගැනීමට සති කිහිපයක් තිස්සේ බලා සිටි බවත් කිෂු ගෝමස් මහතා වැඩිදුරටත් ලංකාදීපයට කීය .



අදහස් (3)

සභාපතිවරුන් පත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

අනුර Wednesday, 30 January 2019 01:35 AM

ඇයි ඒ්? වයස 70 ඉක්මවලද? උපාධියක් නැති නිසාද?

:       0       8

RaveendraWednesday, 30 January 2019 05:52 AM

නැත නැත, හොදම ගොට්ටෙක් හොයා ගන්න බැරිවෙලා. ඒකයි මේ ප්‍රමාදේ. නැතුව මේ ඔබට, මට, රටට ආදරේට නෙවෙයි.

:       8       39

sirimal Wednesday, 30 January 2019 09:43 AM

ලොක්කෝ දෙන්නගේ විරසකය හොඳටම උච්ච වෙලා වගෙයි පෙනෙන්නේ. එක්කෙනෙක් යෝජනා කළා නම් අනිත් එක්කෙනාට රුස්සන්නේ නැති එකද ප්‍රශ්නය..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site